..
..
..
..වාව්..මගෙ බෝලෙගෙ ගේ ලොකුයිනෙ..
එයා කටත් ඇරන් ගේ වටේ ඇස් කරකවලා බලද්දි මං නම් හිටියෙ ඒ මූන දිහා බලාගෙනමයි..ආවෙ නම් මටම කියලා මොනා හරි හදාගෙන කන්න ඕන කියලා උනාට දැන් පේන විදිහට මෙයාට සේරටම වඩා ගේ ලොකු වෙලා වගේ...අනේ මන්දා එච්චර වැදගත් දේකුත් බලන්න කියලා මෙහෙ නෑ..ඇස් කරකව කරකව මොනා බලනවද මන්දා..ශොපින් කරපු බඩු ටිකත් මගෙ ඇගේ ගහලා එයා කෙලින්ම දුවලා ගියේ සාලෙ පැත්තක තිබුණු මාලු ටැංකිය ගාවට..පුහ්..ඕකෙ මොනා ඔච්චර බලනවද මන්දා..මාලු බලන්න ඕනෙ නම් ඇක්වේරියම් එකට හරි මාර්කට් එකට හරි යන්නෙ නැතුව මොකටද දන්නෙ නෑ මෙහෙ ආවෙ..මං මෙතන ඉන්නවා කියලා ගානක්වත් නෑ..ආපු වෙලේ ඉඳන් මං දිහා බැලුවෙත් නෑ ..ඉන්නවකො හෙටම ඔය ජරා මාලුවො ටික මුහුදට ගිහින් දානවා..වෙන මොකටවත් නෙවේ ඉතින් මාලුන්ට ඔය ටැංකියේ ඉඩත් මදිනේ..මුහුදෙ හරි නිදහසේ පීන පීන ඉන්නෙ නැතැයි..එතකොට අපට කරදරයකුත් නෑනෙ..
..දැන් බඩගිනී කියලා නේද ආවෙ..කන්නවත් ගාණක් නෑ..ඔය මාලු ටිකම උයාගෙන කන එකයි ඇත්තෙ..
..මොකක්ද අප්පා..ටිකක් ඉන්න දෙන්නකෝ..මං ඔයාගෙ මාලු ටික අරන් යන්නෙ නෑ බැලුවා කියලා..
ඕන මගුලක් කර ගත්තදෙන් කියලා මං එයාට කන්න නූඩ්ලස් එකක් හදලා වොශෲම් එකට ගියා..කෑම හැදුවා කියල ගානක්වත් නෑ මාලු ටික ලොකු කරන්..මාලු කියන්නෙ මනසට සහනයක් කියලා කිව්වට මට නම් දැන් ලොකු අසහනයක් තද වීගෙන එන්නෙ..හිතුනොත් මං කන්න දාන්නෙ නෑ ඔය වලිගෙ වන වන මනමාල පාට් දාන එකෙක්ටවත්.. ටිකක් ලස්සන උනා කියලා මේ මාලුන්ගෙත් හෙන ඔළුව..කන්න පුලුවන් නම් මෙලහට බැදලම කාලා ඔය ජරා සත්තුන්ව..මාත් මොකට ඔය ජරාව උස්සන් ගෙදර තියා ගත්තද මන්දා..මගෙත් සත්ත්ව කරුනාව ඕනාවටත් වඩා වැඩීනේ..මං ඉක්මනටම ගිහින් වොශ් දාන් එලියට පැන්නෙ තවත් ඉන්නෙ මාලු ටැංකිය ගාව නම් එවෙලෙම ටැංකිය පිටින් එහා වත්තට විසි කරන්න හිතාගෙන ... මාලුන්ගෙ වාසනාවද කොහෙදො..කොල්ලා කාලා වතුරත් බොනවා..කාලා ඉවර නිසා එද්දි අරන් ආව අයිස් කප් එකකුත් මං එයාට දුන්නෙ ඕවට මගෙ එච්චර ආසාවක් නැති නිසා..
ВЫ ЧИТАЕТЕ
💞Can We Love💞 (Yz Completed ff)
Разноеඅනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚