💞 Can we love ..17 💞

343 97 21
                                    

..

..

..



අනේ සොරි බෝනස් තියා නිකම් එකක්වත් දීගන්න බැරි උනා..දැනට මේක කියවන්නකො..රෑට දෙන්න බැරි උනු බෝනස් එක දෙන්නම්..











මන්ම යවපු මැසේජ් එක දිහා මං දහස් වාරයක් විතර බලන්න ඇති..ඒ මැසේජ් එක මගෙ නෙවේ කියලා හිතන් මන්ම සිය පාරකට වඩා කියවන්න ඇති..මගෙ කිව්වත් මගෙ නොවුණු එයා ඒක සීන් කරලා තිබ්බත් කිසිම උත්තරයක් දීලා තිබුනේ නෑ..හිතේ වේදනාවට එහෙම දෙයක් යැව්වා උනත් දැන් තමා මට තේරෙන්නෙ ඒක කරන්න කොච්චර අමාරුද කියලා..ඇත්තටම ඇයි මං එහෙම දෙයක් එයාට යැව්වේ..මට තිබුනා හදිස්සි නොවී ටිකක් ඉවසන්න...මං දැන් මේක මැකුවත් ඒ පනිවිඩේ එයාගෙ හදවතේ අනිවාර්යයෙන් තදට ඇදිලා ඇති..ඒක මට මකන එක කොහොමටවත් කරන්න බෑනේ..දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියන එක මට දැනුයි හරියටම තේරුම් ගියේ..ඔව්..මට දෙපාරක් හිතන්න තිබුනා..හදවතට ඉඩ දිලා මෝඩයෙක් වගේ හිතන්නෙ නැතුව මට එකපාරක් මොලෙනුත් අහන්න තිබ්බා..

හ..හ්..ඇත්තටම මං මොන වගේ කෙනෙක්ද..හම්බුනු පලවෙනි දවසෙම මං මහ ලොකුවට තීරණ ගන්න හැටි ගැන එයාට දේශනාවක් දුන්නත් ඒ හැම දෙයක්ම මට අමතක වෙලා ගිහින්..ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි කියන්නෙ කට කහනවට නෙවේනේ..කරන්න පුළුවන් ලොකුම මෝඩකම මං කරලා ඉවරයි..මට ඇයි බැරි උනේ හදිස්සි නොවී එයා එක්ක ටිකක් කතා කරලා මේ ප්‍රශ්නෙ විසදගන්න..මමයි මෙතන වැඩිමල් වගේම වගකීමක් දරන්න පුළුවන් කෙනා..ඒත් මාත් හරියට හිතන්නෙ බලන්නෙ නැතුව මෙහෙම තීරණ ගන්නවා කියන්නෙ බොරුවක් උනත් කොහොමටවත් අපේ සම්බන්දෙ වැඩි කල් තියෙන්නෙ නෑ..එයා කොහොමත් තාම පොඩි ළමයෙක්..එයාට හුඟක් දේවල්වල බරක් පතලක් නෑ..කියන සමහර දේවල් පවා එයා කියන්නෙ කිසිම තේරුමක් නැතුව වෙද්දි මට තිබුනා ඒ පොඩි වචනෙට තරහා නොගෙන හදිස්සි නොවී ඉන්න..ඇත්තටම දැන් පසුතැවිලා වැඩක් තියෙනවද..එයා මොනා හිතන්න ඇද්ද..මට එයාව තේරුම් ගන්නම බෑ..මොන වෙලාවට එයා පොඩි ළමයෙක් වෙලා මොන වෙලාවට එයා වැඩිහියෙක් වගේ හිතයිද කියලා මට තේරුම් ගන්න බෑ..එයා හරි වෙනස්..

💞Can We Love💞 (Yz Completed ff)Where stories live. Discover now