..
..
..
..බෝ..ලේ..
එයා ඉස්කෝලෙම දෙදරන්න කෑ ගැහුවත් මං ඒ මුකුත්ම ඇහුනෙ නෑ වගේ දුවගෙන ගියා..ජීවිතේට අහන්න ලැබෙයි කියලා හිතුවෙවත් නැති දෙයක් එක්ක මගෙ මුලු ලෝකෙම මගෙ ඉස්සරහ කඩන් වැටිලා තියෙද්දි මගෙ සිහිය පවා මගෙන් ඈතට ගිහින් තිබුනා..බයික් එක තියෙනවා කියලවත් මතක නැති වුණු මං පයින්ම පාර දිගේ දුවන් යද්දි ඉවරයක් නැතුව මට එයාගෙ කටහඩ ඇහුනා..යන්න එපා නවතින්න කියලා එයා කෑ ගැහුවත් මට නවතින්න තියා හැරිලා බලන්නවත් ඕනකමක් තිබුනේ නෑ..මගෙ හදවත බිදිලා..ආයෙ එකතු කරන්න බැරි තරමට බිදිලා. හැමෝගෙන්ම විශ්වාස කරන්න පුළුවන් විදිහෙ ඇස් දෙකක් තියෙන්නෙ මට විතරයි කියපු එයා මගෙ විශ්වාසේ සම්පූර්ණයෙන්ම බිදලා දාලා තිබුනා..ඇයි ඒ..මං මොකක්ද එයාට කරපු වැරැද්ද..හදවතින්ම ආදරේ කරපු එකද..නැත්නම් හිතේ හැඟීම් හංගන් එයාට ආදරයක් හොයලා දෙන්න දුක් විදපු එකද..
විහිලුවට ගන්න ඕන නම් මොකටද හැමදාම මං ළඟින් ඉන්න ඕන කිව්වේ..ඇයි මං වෙන ගෑනු ළමයෙක් ගැන කියෙව්වත් ඇස් දෙකේ කදුලු පුරව ගන්නේ..සේරම බොරුවක්ද..මං ළඟ පොඩි එකෙක් වගේ හුරතල් උනු එක පවා බොරුවක්ද..මං ආදරෙන් බලන් හිටිය ඒ හුරතලේ අස්සෙ තිබුනෙත් බොරුවක්ද..ඔයාට ඕන දෙයක් තිබ්බ නම් මගෙන් ඉල්ලන්න තිබ්බා..මං ඔයාට ඕන දෙයක් කොහෙන්හරි ගෙනත් දෙනවා..ඒත් මගෙ හැඟීම්..ඇයි ඒවා විහිලුවට ගත්තේ..මේක පටන් ගද්දිම මං කිව්වනේ බැඳීම් කියන්නෙ විහිළුවක් නෙවේ කියලා..ඒක දැන දැනම ඇයි මට...
මං මගෙ කොන්ඩෙ අත් දෙකෙන් ඇද ගත්තා..හදවතට පවා මගෙ වේදනාව දරන් ඉන්න බැරිව ඇස්වලින් කදුලු වැටෙද්දි ඒවා පිහින්නෙවත් නැතුව ඔහේ ගලන් යන්න දුන්නා..ඇත්ත..ආදරේ කියන්නෙ ලස්සන හැඟීමක්..හරිම කෙනාට කළොත්..මට වැරදිලා..මං හිතන් හිටියෙත් එයා තමා හරිම කෙනා කියලා..හහ්..මේ හදවත තමා හැමදේම කරන්නේ..වෙලාවකට අපිව ආදරෙන් අන්ද කරලා ඒ ආදරෙන්ම අපිව නැති කරලා දානවා..අන්තිමට මට උනෙත් ඒකම නෙවේද..ආදරේ කලා කියලා හිතන් මං එයාට රැවටිලා...හදවත පිරෙන්න කෙනෙක්ගෙ ආත්මෙම උනත් සුවපත් කරන්න පුළුවන් ඒ ලස්සන හැඟීම පාවිච්චි කරලා එයා මාව හරි අපූරුවට රවට්ටලා ..
BẠN ĐANG ĐỌC
💞Can We Love💞 (Yz Completed ff)
Ngẫu nhiênඅනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚