..
..
..
යන වෙලාවත් ලං වෙලා තියෙද්දි තාමත් මං තියලා ගිය විදිහට සෝෆා එකේ ගුලි වෙලා නිදන් හිටිය ලේන් පැටියා ගාවට ගිහින් මං පාත් උනා..ඒසී එක ඒ තරම් සීතල නැති උනත් එයා මං දීලා තිබ්බ කොට්ටෙත් අත් දෙකෙන්ම තුරුලු කරන් පොඩි එකෙක් වගේ නිදාගෙන හිටියා..තාමත් රතු වෙලා තිබ්බ තොල් දෙක යාන්තමට ඇරිලා චූටි සද්දෙකුත් එලියට එද්දි එයා ඉඩ මදිවෙලාද කොහෙදො කෙඳිරි ගාගෙනම කොට්ටෙත් එක්ක මගෙ පැත්තට හැරුනා..රතු වෙලා තිබ්බ ඒ හුරතල් මූන දකිද්දි මගෙ මූනට නිකම්ම හිනාවක් ආවා..මහ ලොකු වැඩක් කරලා වගේ නිදාගෙන ඉන්න හැටි...අනා ඉතින් උස්සන් ගිහින් හංගගන්න හිතෙනවා...මං ඇහැරවන්න ලෝබකමේ උනත් යන්න ඕන නිසා පාත් වෙලා ඒ නලලට වැටිලා පිස්සු වැටිලා තිබ්බ කොන්ඩෙට පිම්බා..පළවෙනි පාරෙන්ම කිතියට කෙඳිරි ගාද්දි මං දිගටම පිබලා අවුස්සද්දි තවත් ඉන්න බැරි තැනද කොහෙදො එයා කෙඳිරි ගාහෙනම ඇස් ඇරියා...පවු අප්පා..නිදි මත බේරෙනවා..
දවල් කාලෙ නිදාගෙන ඉදලා මගින් ඇහුරුනාම චූටි ළමයි හෝන්තු මාන්තු වෙනවා වගේ එයත් මූනත් බෙරි කරන් ලොකු ඈනුමක් ඇරියා..ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරිව එයා ඔලුවත් කසන ගමන් ඇස් කැරකෙව්වා..තාම ඇස් බොද වෙලාද කොහෙද මාව අදුන ගන්න බැරිව එයා ඇස් දෙකත් අතින් පොඩි කරා..ඊට පස්සෙ මාව අදුනගෙනද කොහෙදො අඬන්න වගේ කෙඳිරි ගාගෙන පාත් වෙලා හිටිය මගෙ කරේ එල්ලුනා..මං එහෙම්මම එයාව ඉනට වඩාගෙන පිට අතගාද්දි පොඩි එකා මගෙ උරහිසට ඔලුව තියන් ආයෙම නිදා ගන්න හරි බරි ගැහුනා..
..කෝ ඉතින් ආයෙම නිදා ගන්නවද..කෝ අනේ නැගිටින්නකො..මට පාලුයිනේ..
..ම්ම්හ්ක්..
..කම්මැලි වෙලා බෑ හොර කොල්ලො..අපි යන්නත් ඕන නේද..කෝ තාම ඔයා මුකුත් කාලත් නෑ..දැන් නැගිටින්නකො..අපි දෙන්නා එලියට ගිහින් ඔයා ආසම කෑමක් කමු හරිද..
..ම්ම්ම්...හො..ට්..පොට්..
..ඔව් ඔව් ඒවා කමු..කෝ දැන් ඔලුව උස්සමුකො..අර අක්කලා ආවොත් හිනා වෙයිනෙ පොඩි එකෙක් වගේ තවත් නිදි කියලා..
![](https://img.wattpad.com/cover/306981284-288-k958636.jpg)
أنت تقرأ
💞Can We Love💞 (Yz Completed ff)
عشوائيඅනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚