💞Can we love ...24💞

339 94 26
                                    



..

..

..







කැබින් එකේ දොර ඇරෙන සද්දෙ ඇහෙනවත් එක්කම මං තදට ඇස් පියා ගත්තා..එයාව හම්බවෙලා සමාව ඉල්ලන්න හිතන් හිටියත් දැන් නම් මට පොඩි බයක් දැනුණා..තියෙන සේරම තරහවල් අල්ලලා මට ගහයිවත්ද..කමක් නෑ..ගැහුවත් ඉවසන් ඉන්නවා..මං කරපු දේ හැටියට ගුටි කාලා බේරුනොත් ඇති..ඒත් ඉතින් එහෙමයි කියලා ගුටි කන්නත් පුළුවන්ද..



හිත හදාගෙන ලොකු හුස්මක් ගත්ත මං ඕන දෙයක් වෙද්දෙන් කියලා ලොකු හුස්මක් අරන් ඔලුව උස්සලා බැලුවා..අනේ..හ්..එයා ඉන්නවා..බාගෙට යට කරපු යුනිෆෝර්ම් එක පිටින් කොන්ඩෙත් අවුල් කරන් එයා මගෙ ඉස්සරහ හිටියා..මං හිතුවටත් වඩා එයාගේ ඇස් රතු වෙලා මූන ඉදිමිලා තියෙද්දි හිත පාරවගෙන ගිය වේදනාවක් එක්ක මටත් නොදැනී මං අත් දෙක දෙපැත්තට දික් කරා..තාම මං ඉන්නවද කියලා අදහා ගන්න බැරිව බලන් හිටිය එයා එකපාරටම පියවි සිහියට ඇවිත් දුවන් ඇවිත් මගෙ ඇගේ එල්ලුනා..ඒ ආව වේගෙටම මාව පිටිපස්සට විසි වෙලා ගියත් මං එයාව වැටෙන්න දෙන්නෙ නැතුව තද කරලා අල්ල ගත්තා..මගෙ ලේන් පැටියා මගෙ බෙල්ල අස්සෙ මූන ගහන් ඉකි ගහන්න ගද්දි මං මොනවත් නොකියා එයාගෙ පිට අතගෑවා..ඒකෙන් උනේ එයා ඊටත් වඩා සද්දෙන් කෑ ගහලා අඩන්න ගත්තු එක..මේ දවස් තුනට මගෙ කොල්ලගෙ බර පවා අඩු වෙලා ගිහින් තියෙනවා කියලා දැනෙද්දි මට හීල්ලුනා..මේ සේරම මගෙ මෝඩකම් හින්දා නේද..තාමත් ඉස්කෝලෙ උගන්නන වෙලාව වෙද්දි එයා ඇවිත් තිබුනේ අද පීරියඩ් ටික පවා කට් කරලා කියලා තේරුම් යනකොට මගෙ හිත මොකක්දෝ අමුතු හැගීමකින් පිරිලා ගියා..එයාට මාව ඒ තරම් වටිනවද..




..බ්..බෝ..ලේ..ඇ..යි..මාව දා..ලා ගියේ..ම..ට..ගො..ඩක් දු..ක හිතුනා..මං හැ..ම තැනම ඔයා..ව හෙව්වා..මං හි..තුවේ..මාව..එපා වෙලා බෝ..ලේ..ගි..හින් කිය..ලා...මා..ව දා..ලා..යන්න එපා..බෝ..ලේ...ම..න් ගො..ඩා..ක් බ..ය උනා..ම..ම්..මම..





කතා කරගන්නවත් බැරි තරමට එයා ඉකි ගගහා අඩද්දි මං පොඩි දරුවෙක් නලවනවා වගේ පිට අතගාන ගමන් චුට්ටක් දෙපැත්තට වැනෙන ගමන් කැබින් එක පුරා ඇවිද්දා..කවදාවත් මගෙ පපා මාව මේ විදිහට තියන් හුරතල් කරලා නැති උනත් මට ඕන උනා මට නොලැබුණු දෙ එයාට දෙන්න..මගෙ දරුවෙක්ට වගේ එයාට සලකන්න..ආදරෙන් තුරුල් කරන් ඉන්න..මේ හැමදේම එයාට මට දෙන්න ඕන වෙද්දි පසුතැවිල්ලත් එකතු උනු ආදරේකින් මං එයාව තවත් මට තුරුලු කර ගත්තා...එයාගෙ කඳුළු වගේම කෙලවලින් මගෙ කමිසෙ තෙත් වෙලා ගිහින් තිබ්බත් ඒ මුකුත් නොහිතා මගෙ සීට් එකෙන් වාඩි වෙලා මං එයාව මගෙ උකුලට ගත්තා..අඩන්න එපා කිව්වත් එයා තාමත් වචනක්වත් කියා ගන්න බැරිව ඉකි ගහන ගමන් මගෙ උරහිසට මූන ගහන් හිටියා..මන් ටික වෙලාවක් එයාට එහෙම ඉන්න දීලා මුකුත් නොකියා හිටියත් එකපාරටම මට කෑ ගැහුනේ මගෙ උරහිසට ඇතුලට ලේන් දත් දෙක බහිනකොට..අයින් කරන්න හැදුවත් මී කතුරක් වගේ මගෙ හම පදාසයක් එයා අල්ලන් ඉද්දි කෑ ගහගන්න බැරිව මං යටි තොල හපා ගත්තා..හරිනේ..වැරදි කලා නම් දැන් විදවන්නත් ඕනනේ..




💞Can We Love💞 (Yz Completed ff)Donde viven las historias. Descúbrelo ahora