💞 Can we love ...16💞

352 103 19
                                    




..


..


..






ආදරේ අන්දයි කියන්නෙ බොරුවට නෙවේ කියලා මට ගොඩක් ඉක්මනටම තේරුම් ගිහින් තිබුනේ..බොරුවට හරි ඉතින් අපි දෙන්නත් ආදරේ කරනවනේ..ඒ හින්දම මාත් පුදුම විදිහට අන්ද වෙලා..මේ කොල්ලා හින්දා මට නම් මගෙ වැඩක් කර ගන්නාත් සිහියක් නෑ..ඇකඩමි එකේ වැඩ නහය ගාවටම ගොඩ ගැහිලා..තව කෝච්ලා හිටියට මගෙන් ඉශ්ට වෙන්න ඕන යුතුකම් ටික මට මග ඇරිලා තියෙද්දි මං අමාරුවෙන් හරි හිත හදා ගත්තේ කොහොමහරි දවසක් දාන් වැඩ ටික ඉවර කරනවා කියලා හිතම්..ඒත් මට දැන් ඒකටවත් හිතක් නෑ..එයා ඉස්කෝලෙ ඉන්න වෙලාවෙ පවා මං කෝල් එකක්වත් අරන් කටහඩ අහගන්න බැරිව ඉන්නෙ පුදුම අමාරුවෙන් ..ඒ ඉවසලා ඉන්න වෙලාවෙව්ත් හිත හදන් වැඩක් කරන්න බැරි වෙද්දි එයා ආවාම මට කොහොමටවත් වැඩක් කරගන්න මතක් වෙන්නෙ නෑ..එයාටත් එහෙම තමා..මං ඔලුවට ඇන ඇන හෝර්ම් වර්ක් මතක් කලේ නැත්නම් ලේන් පැටියෙක් වගේ මගෙ අස්සෙ රිංගන් හුරතල් වෙන්න ගන්නවා...එපා කියන්නවත් මට හිතෙන්නෙ නැති කොට මාත් ඒ වෙලාවට හැමදේම අමතක කරලා දාලා ඒ මොහොත විඳිනවා..



එදායින් පස්සෙ එක්ක යන්නෙ නෑ කියලා හිතාගත්ත නිසා මං එයාව ඇකඩමි එක පාරෙවත් අරන් ගියේ නෑ..කෙල්ලො සෙට් එක එයාව එක්කන් එන්න කියලා හොටු පෙර පෙර ඇඩුවත් මං නම් දැක්කෙ නෑ වගේ උඩ බලන් හිටියා..මං එක්ක ඇවිත් උන්ට මගෙ කොල්ලගෙ කම්මුල් දෙක මිරික මිරික කැකිරි පලන්නද..පුහ්..හිතේ ඇති..එයාටත් මොකෝ ඉතින් ..ඔය නහයෙන් අඩන්නෙ එක්ක යන්න කියලා..එක්ක යයි මං ඇඩුවා කියලා..ඔය ගමනට වඩා මගෙ මගෙ කොල්ලගෙ කම්මුල් දෙක වටිනවා..


වෙලාවත් හරි එකේ මං ලෑස්ති උනේ එයාව එක්කන් එන්න යන්න..ආයෙ මේ පැත්ත පලාතෙවත් එන්නෙ නැති නිසා මං අනිත් කෝච්ලාටත් කියලා එලියට ආවා..හම්මේ දැන් තමා සැනසීමක් දැනෙන්නේ..හරියට වැස්සක් වැහැලා පෑව්වා වගේ..එයා දැන් බෑග් එකට පොත් දාන්න බලාගෙන ඇති.වැඩි දුරකුත් නෑනේ..පුළුවන් තරම් ඉක්මනටම යන්න ඕන..මං යතුරත් කරකව කරකව බයික් එකට නැගලා හෙල්මට් එක දාද්දිම එකපාරටම ඇහුනු සද්දයක් හින්දා මං පිටිපස්ස හැරිලා බැලුවා..ආ..යීශ්..මේ යීශි කෙල්ලනේ..මොන මගුලක්ද මෙයා ගෙදර නොයා කරන්නෙ..දැන් ප්‍රැක්ටිස් ඉවරනේ...


💞Can We Love💞 (Yz Completed ff)Onde histórias criam vida. Descubra agora