💞Can we love...23 💞

360 98 11
                                    

..

..

..

සන්පෲෆ් නිසා මට මොනවත් ඇහුනෙ නැති උනත් කාමරේ ටීවී එකට සෙට් කරලා තිබ්බ කැමරාස්වලිම් පේන ඇකඩමි එක දිහා මන් ඔහේ බලන් හිටියා..මං මෙහෙ ආව වග දන්න මනුස්සයො දෙන්නවත් මං ශේප් කරලා තියෙද්දි කිසිම කෙනෙක් දැනන් හිටියෙ නෑ මං ඉන්නෙ මෙතන කියලා..හිර වෙලා ඉන්න අකමැති උනත් මේ වෙලාවෙ මට මේ කාමරේ අස්සට වෙලා ඉන්න එක තරම් සැනසීමක් වෙන තිබුණෙ නැති තරම්..හරියට බැලුවොත් ඒක සැනසීමක් නෙවේ මගෙ හදවතටම වංචා කර ගැනීමක්..ඇයි මං මෙහෙම හැංගිලා ඉන්නේ..එයාට රිද්දන්නද..එයාට මූන දෙන්න බැරි නිසාද..එහෙමත් නැත්නම් එයාට මාව වැදගත්ද නැද්ද කියලා හොයා ගන්නද..මට දැන් මාවම තේරුම් ගන්න බෑ..මං හදිස්සි උනා වැඩීද..ඒත් එහෙමයු කියලා මට ආපහු හැරෙන්නත් බෑ..දැන් මෙතනට ආව එකේ හිතන් හිටියා වගේ තව දවස් දෙකක්වත් මෙතන ඉදලා යන්න ඕන..මං කිසි ප්‍රශ්නයක් නැතුව මේකෙ ඇතුළෙ දැනට දවස් තුනකුත් හිටියා..ඒත් එක මැසේජ් එකක්වත් නෑ..පේන්නෙ එයාට මාව ඕනෙ නෑ වගේ..එක්කො මෙතනින් ගිහින් ඇත්තටම දුර පලාතකට පැන ගත්තා නම් හරි..මොකෝ මෙහෙ හිටියත් ඉතින් මාව හොයන්න කියලා කවුරුත් ඉන්නවද..


ඇද උඩ තිබ්බ ෆෝන් එක රින්ග් වෙද්දි මං කොට්ට උඩින් පෙරලිලා ගිහින් ඉක්මනටම කෝල් එක ආන්සර් කලා..ඒක ලුවිස්ගෙන් ..මේ මාර මොනා කියන්නද..ලියුම් බෙදන මිනිහාවත් මගෙ මූන බලන්න ඕන කිව්වද..අනේ මන්දා මං ගෙදර ඉද්දි එකෙක්ටවත් එන්න බෑ..ටිකක් පිට ගිය ගමන් තමා හැම එකාම හොයන් එන්නේ..මේ පාරත් පපා බිස්නස් පේපර් ටික සයින් කර ගන්න එවපු මිනිහෙක් නම් ඇත්තමයි මං කෙලින්ම පපාට කෝල් කරලා බනිනවා..රෙද්ද..නිදහසේ ඉන්නත් නෑ වද දෙනවා..


..හෙලෝ..ලුවිස්..ඒ පාර මොකෝ කවුද මාව හොයන් ආවෙ..වයසක මිනිහෙක් එහෙම නෙවේනේ..

..න්න්නෑ...නෑ..සර්..

අම්මෝ ඇති පපාගෙ මැනේජර් කාරයා නෙවේ..දැන් නම් සැනසිල්ලෙ හුස්ම ගතෑකි..

..එහෙනම් කවුද..ඇකඩමි එකෙන් කවුරුහරිද..

..නෑ..නෑ..සර්ගෙ ඇකඩමි එකේ කවුරුත් නෙවේ.. යුනිෆෝර්ම් එකක් ඇද ගත්තු කන්නාඩි දාපු පිරිමි ළමයෙක් ..තව..

💞Can We Love💞 (Yz Completed ff)Onde histórias criam vida. Descubra agora