💞Can we love ...28💞

354 97 11
                                    

..

..

..




එයාගෙ ඇස් දෙක කෙලින්ම රැදිලා තිබ්බෙ මං තද කරලා අල්ලන් හිටිය යීශිගෙ අතේ වෙද්දි තවත් ඒ මූන දිහා බලන් ඉන්න බැරිව මං වෙන පැත්තක් බලාගත්තා..අපි දෙන්නගෙ රතු වෙලා ඉදිමිලා තිබ්බ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලපු යීශි ඉක්මනටම මගෙ අතින් එයාගෙ අත ගලව ගත්තා..උනේ මොකක්ද කියලා බලන්න බෙල්ල හරවද්දි කෙල්ල අත් ඔරලෝසුව දිහා බලලා මං දිහත් බලලා හිනා උනා..


.. හායි චාන්..මං දැන් යන්නම් කෝච් ..මට හොදටම පරක්කුයි ..බායි...

..හ..හරි..පරිස්සමට ය..න්න..බායි..

මන් එහෙම කියද්දි කෙල්ල බෙල්ල දික් කරලා මගෙ පිටිපස්සෙ හිටිය චාන්ටත් අත වනාගෙනම ඈතට ඇවිදන් ගියා..එයා මගෙ පිටිපස්සෙ ඉන්නවා කියලා දැනෙද්දි මං ආපහු නොහැරී යීශි යන දිහාව බලන් හිටියා..මේ වෙලාවෙ මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරයි කියලා දැනෙද්දි මට කොහොමත් එයා දිහා බලන්නවත් ඕන උනේ නෑ..මීට කලින් නම් අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට තුරුලට අරගෙන ඇති කියලා.හිතෙනකම් කම්මුල් හැපුවත් මට මේ වෙලාවෙ දැනුනෙ මහා හිස්කමක්..වැඩි වෙලා නොගිහින් ඒ හිස්තැන එයා මාව රැවැට්ටුවා කියන වේදනාවෙන් පිරිලා යද්දි තවත් එතන එක මොහොතක්වත් ඉන්න බැරුව මං එහාට ඇවිදන් ගියා..ඒත් යන්න නොදී පිටිපස්සෙන් ආව එයා මගෙ අතින් අදිද්දි මං නිකන්ම පිටිපස්සට ඇදිලා ගියා..අයින් කරගන්න බැරි වෙන්න ඒ තප්පරෙන්ම එයා මගෙ ඇස් දෙක අල්ලගද්දි මං ගැස්සිලා ගියේ කවදාවත් දැකපු නැති කේන්තියකින් රතු වෙලා තිබ්බ එයාගෙ ඇස් දෙක දැකලයි..



..බෝ..ලේ..

.......

...බෝ..බෝලේ..

........

...බෝ ගේගේ...

.........


...ව..න්ග් යී..බෝ...


ලොකු කේන්තියක් එක්ක ඒ කටින් මගෙ සම්පූර්ණ නමම පිට වෙද්දි මගෙ ඇස් නිකම්ම ලොකු උනා..මං කවදාවත් දැකලා අහින්සකකමට හිටිය කොල්ලට මේ තරම් තරහා යනවා..හරිනෙ ඉතින් ..මං දැන ගන්නෙ කොහොමද..මං ගාවට ආව ඇත්තම හේතුව පවා එයා මගෙන් හංගලා තියෙද්දි ඇත්ත හැසිරීමත් මගෙන් හංගලා නැති වෙන්නෙ කොහොමද..ඒ ඇස් දිලිසෙනවා..වෙනදා වගේ නෙවේ තරහකින් ඒ කණ්ණාඩිය පිටිපස්සෙ තිබ්බ ඇස් දෙක දීලිසෙනවා..කොච්චර කතා කරලත් මං උත්තර නොදෙනකොට ඒ කේන්තියෙන්ම එයා තද කරලා මගෙ මැණික් කටු ගාවින් අත් දෙකම අල්ල ගත්තා..


💞Can We Love💞 (Yz Completed ff)Donde viven las historias. Descúbrelo ahora