..
..
..
එයා පස්සෙම දුවන් ආව මට ආපහු යන්න පාරවත් මතක නැති වෙද්දි මං මහ පාර හොයන් ගිහින් ටැක්සියකට නැග්ගා..මේ වෙලාවෙ මට එයාව මේ විදිහට එයාගෙ ගෙදරවත් එක්ක යන්න පුළුවන් කමක් නැති වෙද්දි මං තීරනය කලේ මගෙ ගෙදරට යන්න..තාමත් මගෙ බෙල්ල අස්සෙ මූන හංගන් අඩපු එයා මොනවත් නොකියද්දි මාත් මුකුත් අහන්නෙ නැතුව ගෙදරට ආවා..හොඳටම තෙමිලා ඇස් පවා රතු කරන් හිටිය අපි දෙන්නා දිහා අමුතු විදිහට බැලුව ටැක්සි ඩ්රයිවර්ටත් වැඩිපුර ගෙවලා මං තප්පරේකටවත් එයාව බිමින් නොතියා එක්ක ආවා..ගන්න සසරක් නැතුව තෙමිලා ඉන්න අපි දෙන්නට දැන් කුඩයක් ගත්තත් වැඩක් නොවෙද්දි මං එයාත් එක්ක වැස්සෙම ගේ ඇතුලට ගියා..සාමානයෙන් මං ගොඩක් පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් නිසා වැලි කැටයක්වත් බිම නොතිබ්බ තරම් උනාට මේ වෙලාවෙ අපි දෙන්නගෙම හිතේ තිබ්බ ප්රශ්නවල හැටියට මං මඩ පිටින් වතුර වැක්කෙරෙද්දි සපත්තු දෙකවත් නොගලවා පඩිපෙළ නැගලා එහෙම්මම මගෙ කාමරේට ගියා.. අපි දෙන්නා අනිත් කෙනා කතා කරයි කියලා හිතන් බලන් හිටියා මිස මුලින් කතා කරන්න එයාටවත් මටවත් ඕන උනේ නෑ..
වඩාගෙන හිටිය එයාව බාතෲම් එකට එක්ක ගිහින් බාත් ටබ් එකෙන් තිබ්බ මං ටවල් එකකුත් මගෙ ඇදුමකුත් තියලා කාමරෙන් එලියට ආවා..අනිත් කාමරේ බාතෲම් එකට ගිය මං උනුවතුර පුරවලා බාත් ටබ් එකට බැහැලා ඇස් දෙක පියා ගත්තා..තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවව නාවන විදිහට මටත් එයාව නාවන්න ඕන කම තිබ්බත් මං මුකුත්ම නොකළේ හාදුවකට වඩා දෙයකට යන්න තරම් අපි දෙන්නා අතර බැඳීමක් නැති නිසා..බැඳීමක් නෑ කියන්න බෑ..මගෙ හදවත වචනෙනෙ විස්තර කරන්න බැරි තරමට ඒයාට බැදිලා..ඒත් එයාගෙ හිතේ ? එයාට තාමත් මං ආදරේ කරන්න පුරුදු වෙන කෙනා විතරද..එයාට බැරිද ඒ වෙනුවට මාව ආදරේ කරන කෙනා කරගන්න..
හ..හ්..මං මේ මොනවද හිතන්නෙ..මට බෑ කාගෙවත් හැගීම්වලට බලපෑම් කරන්න..මගෙ හිතේ මොනා තිබුනා උනත් මට පුලුවන්ද එයාට බල කරන්න මට ආදරේ කරන්න කියලා..බැඳීමක් බලෙන් ඇති කර ගත්තට හැඟීමක් බලෙන් ඇති කරන්න බෑ..එයාට ඕනකමක් තියෙනවා නම් මට ආදරේ කරයි..එයාට මාව වටින්නෙ නැති උනත් මට එයාව වටිනවනේ..සෙල්ලමකට වගේ උනත් එයා මං ලගට උදවුවක් ඉල්ලන්..එයාට ඕන දේට උදවු නොකර මට බෑ ඒ පොඩි කොල්ලගෙන් අයුතු ප්රයෝජන ගන්න..එයා කිව්වෙත් මාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් පෙනුණු නිසාලු මං ලගට ආවෙ කියලා වෙද්දි මට කොහෙත්ම බෑ එයාගෙ විශ්වාසෙ කඩලා දාලා ආත්මාර්තකාමී වෙන්න..හ්ම්ම්ම්..අපි කරන්නෙත් හරියට සිනමාවෙ ආදරේ කරනවා වගේ දෙයක්..සමහරුන්ට ඇත්තක් වගේ හිතුනත් ඒක තනිකරම බොරුවක්,රගපෑමක් විතරයි ..අපේ බැදීමත් එහෙම නෙවේද..සිනමාවෙ රගපාන කපල් එකට අනිත් අය කොහොම කිව්වත් ඇත්තටම ආදරේ කරන්න බෑ වගේ මේ වෙලාවෙත් අපි දෙන්නට එහෙම කරන්න බෑ..මොන දේ උනත් මෙතන වැරදිකාරයා මමයි..කඩන්නෙ නෑ කියලා හිතපු සීමාව කඩන්න බලපෑම් කලේ මමයි..හරියට බැලුවොත් එයාගෙ මෙතන වැරැද්දක් නැති තරම්..මම කලේ කරන්න පුළුවන් ලොකුම වැරැද්ද එයාට ආදරේ ගැන බලපෑම් කරපු එක නෙවේද..
![](https://img.wattpad.com/cover/306981284-288-k958636.jpg)
VOCÊ ESTÁ LENDO
💞Can We Love💞 (Yz Completed ff)
Diversosඅනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚