..
..
..
.. හනේ දෙවියනේ..
මගෙ අත ගිහින් එකපාරටම නතර උනේ මගෙ නලලේ..මං ගියේ විනාඩි කීයකටද...ඒ ටිකට මේ කෙල්ලො ටික මගෙ කොල්ලට කරලා තියෙන දෙයක්..ඉවරයිනේ..ගන්න දෙයක් නෑ..අරන් එද්දි අගේට හිටිය කොල්ලව වට කරගෙන රටේ තියෙන තියෙන හැම කෑම ජාතියක්ම ඇගේ ගහලා..ටිපි ටිප්,චොකලට්,බිස්කට්,අයිස් ක්‍රීම්....ආ...යිශ්..නම් දන්නෙ නැති ඒවත් මෙතන තියෙනවනේ..කෑම ජාති තොගේට වැහිලා කොල්ලව පේන්නෙත් නෑ..ඒකටත් මොකද..කැන්ඩි ටිකත් බදාගෙන..කට වටේ චොක්ලට් ගාගෙන ඔළුව හොල්ලන ගමන් මොනාදෝ කියෝනවා..අර කෙල්ලොත් ඉතින් පුටු ටිකක් ඇදගෙන වට වෙලා ඉවරයක් නැතුව ප්‍රශ්න අහනවා..ඒ මදිවට කැකිරි පල පල 'චෝ චියුට්' කියලා මගෙ කොල්ලගෙ කම්මුල් මිරිකනවා..යකූ මං මොකක්ද යන්න කලින් මුන්ට කියලා ගියේ..මගෙ එකාව පේන්නෙ පොඩි එකෙක් වගේද අනේ..පේන්නෙ නෙවේ පොඩි එකෙක් තමා..පෙනේද මේකා කකුල් දෙකත් වන වන කාලා නෑ වගේ චොකලට් නාන හැටි..
..ඒ..යි..ඒ..යි ..
කොයි වෙලේ ගියාද දන්නෙ නෑ ඇස් ඇරලා බලද්දි මං හිටියෙ කෙල්ලො සෙට් එක ගාව..උන් ටික බය උනු පාර පුටුත් පෙරලන් නැගිටිද්දි මං තනි අතට මලපෙරේත පොඩි එකාව උස්සලා නැගිට්ටෙව්වා..දැන් නම් මගෙ මූනට කොහෙටද ගහපු මොකක්ද එක වගේ ඇති..කරන්න දෙයක් නෑ ඉතින් ..මං කිව්වනේ ඕනාවට වඩා හුරතල් කරන්න යන්න එපා කියලා..
..මං ඔය ලමයිට බාර දීලා ගියේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මිස බබා නෙවේ..මොකක්ද මේ පොඩි එකෙක්ට වගේ වට කරන් නලවන්නෙ...
..අනේ කෝච් ..එයා ඉතින් ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් උනාට තා..ම..පොඩී..නේ..ඒ.කයි...අපි..ච්..චුට්ටක් ...
..නෑ නෑ..චුට්ටවල් ඕන නෑ..බලනවා මගෙ කොල්ලව කාලනේ..
..අපි කොහෙද කෑවෙ ඔය කට වටේ තියෙන්නෙ එයා කාපුවා තමා..
..කටවටේ ගාන් හරි කාලා තියෙන්නෙ ඔය ළමයි දීපු නිසානේ..ඇත්තමයි..මේවා හොද ඒවද දන්නෙත් නෑ..මෙයාලට ඇලජි තියෙනවද දන්නෙත් නෑ..දැන් බලන්නකො කරපු වැඩෙන් මට..
..ආ..නේහ්..කෝච් ..ඔච්චර වටේ නොයා කෙලින්ම කියන්නකො අපි මෙයාව හුරතල් කරනවට ඉරිසියයි කියලා..
VOCÊ ESTÁ LENDO
💞Can We Love💞 (Yz Completed ff)
Diversosඅනිත් අය ආදරේ කලේ වෙන් නොවෙන්න සදහටම එකට ඉන්න පතන් උනත් අපි ආදරේ කලේ කවදහරි වෙන කෙනෙක්ගෙ වෙලා වෙන් වෙන්න බලන්..❤️💚