💞Can we love ...04💞

485 120 20
                                    

.

.

.

රෑ දාහක් දේවල් කල්පනා කරලා නිදා ගද්දි පාන්දර උනා...ඒත් වැඩක් තියෙනවද සැපට නින්ද යාගෙන එන වෙලාවෙ කොහෙදෝ නැති කෝල් එකක් ඇවිල්ල ඒ නින්ද කැඩිලා ගිහාම ..පොලොවෙ ගහන්න හිතුනු ෆෝන් එක අමාරුවෙන් අරන් කන උඩින් තියා ගත්ත ගමන් මට ආයෙ නින්ද යාගෙන ආවා...නිදිමරපු නිසා ඔලුව බර වෙලා තියෙද්දිත් ඇස් දෙක තදට පියවීගෙන යනකොට මන් උඩ ගියේ ෆෝන් එක එහා පැත්තෙන් ඇහුනු කටහඩ හින්දා..

..හෙලෝ බෝ ගේ..ඔයා තාම දොයිද..

..ඈ..හ්..

..ඈ...හ් නෙවේ අලේ..නිදි නම් නැගිටින්නකෝ...ඔයාගෙ චූටි බෝයිපෙන් ඔයා එනකම් ඉන්නෙ ඉස්කෝලේ යන්න..

..ඉස්කෝලෙ ..ඕ..ශිට්..

මන් එකපාරටම ඇදෙන් පැන්නා..පැන්න නෙවේ දුවන්න ගියපු පාර බෙඩ් ශීට් එක පෑගිලා බිම පත බෑවුනා..හම්මෝ..නහයත් මොකක්ද වෙලා ගියා..කෙදිරිගෑවෙන්න ගිය එක අමාරුවෙන් නවත්තගෙන මන් පැටලුනු බෙඩ් සීට් එකටත් සාප කර කර නැගිට්ටා..අද නම් මොන දවසක් ද මන්දා..සද්දෙ ඇහිලද කොහෙදො කොල්ලත් ඒ අස්සෙ කෑ ගහනවා..

..බෝ..ගේ..මොකක්ද ඒ සද්දෙ ..ඔයා හොදින්ද..නැගිටින්න ගීන් ඇදෙන් වැටුනදෝ..

මේ කොල්ලට දිවැස්වත් තියෙනවද..බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගත්තට පහුවෙනිදම මේ විදිහට චාටර් වෙන්න පුලුවන්ද..මොනා හරි කියල ශේප් කරන්න ඕන..

..නෑ..නෑ..ඒ මන් බාතෲම් එකේ දොර වහපු සද්දෙ..ඔයා ඔය ලෑස්ති වෙලාද ඉන්නෙ..

..නෑ..අලේ..මන් තාම කිරි එක බොනෝ..ඔයාට නින්ද ගිහින් මාව ගන්න එන්න පරක්කු වෙයි කීලයි කතා කලේ...

..ආ ..හරි ඔයා ඕක බොන්නකෝ..මන් ලෑස්ති වෙලා ඉක්මනටම එනවා..

..හලියෝ...

කොල්ලා හුරතල් හිනාවක් දාගෙනම කෝල් එක කට් කරද්දි මටත් ලාවට හිනාවක් ගියා..එහෙනම් දැන් මටත් උදෙන්ම නැගිට්ටවන්නයි එන්න කියලා කරදර කරන්නයි කෙනෙක් ඉන්නවා..ඒත් ඒ කොයිතරම් කාලෙකටද..නෑ නෑ.මට ඒ ගැන හිතන්න ඕන නෑ..කොයිතරම් කාලෙකට උනත් ගෙවෙන පොඩි මොහොතක හරි මේ දැනෙන සතුට ඒ විදිහට ම තියාගෙන සතුටින් ඉන්න කියලයි මගෙ හිත කිව්වෙ..හරියටම හේතුවක් කියා ගන්න බැරි උනත් එයාව මතක් කරද්දිත් මට දැනෙන්නෙ ලොකු සැනසීමක්..කලින් වගේ මාව තනි වෙලා නෑ කියන එක දැනෙනවා..තාවකාලිකව උනත් මන් ගැන හොයන්න කෙනෙක් ඉන්නවා..ඔව් මන් කැමති නෑ තමා කවුරුත් මන් ගැන හොයනවට..ඒත් මේ පොඩි කොල්ලා මන් ගැන හොයද්දි නම් කලින් වගේ මට එපා උනෙත් නෑ නවත්තන්න ඕන උනෙත් නෑ..ඉතින් මේ දැනෙන හැගීම,සැනසීම මන් විසි කරලා දාන්න ඕනද..තවත් ඉවසන් ඉන්න බැරි නිසාම මන් පුලුවන් තරම් ඉක්මනට ලෑස්ති වෙලා බයික් එකට නැග්ගා..දැන් උදේ වැඩී..මේ තරම් උදෙන් ස්කූල් පටන් ගන්නෙ නෑ..ඒ කියන්නෙ එයා මට එන්න කිව්වෙ උදේ කෑම මාත් එක්ක ගන්න බලන්..ඉතින් මටත් ඕනෙ ඒකනේ..ඊයෙ හවස වගේ නැතුව මන් ජෙට් එක වගේ චාන්ගෙ ගෙදර ලගට විද්දා...

💞Can We Love💞 (Yz Completed ff)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin