💞Can we love ...07💞

427 113 11
                                    

.

.

.

..බෝ..ගේ...

පොඩි එකා පිටිපස්සෙන් දුවන් ඇවිත් මගෙ ඇගේ එල්ලුනේ මහා ලොකු වීරකමක් කරලා වගෙ..සාක්කු දෙක බීච් එකේ තිබ්බ සිප්පි කටුවලිනුයි බෙල්ලන්ගෙනුයි පුරවගෙන කොල්ලා ඇවිදිද්දි එන ටක ටක සද්දෙ නිසා මට හිනාත් ගියා..ආපු වෙලාවෙ ඉඳන් කරන්නෙ එහෙට පනිනවා මෙහෙට පනිනවා..නැත්නම් මාවත් ඇඳන් ගිහින් රැල්ල පාගනවා..ඒ මදිවට දකින දකින තැනින් අයිස් ක්‍රීම් ඉල්ලනවා..ඔය සේරමත් හරි අන්තිමට මාව ඉන්දවලා වැලිවලින් වහලා මාලිගාවක් හදන්නත් ගත්තා..ඇගිලිවලින් තෙත වැල්ල හාරන් ඇවිත් මගෙ ඔළුව ලගට වෙනකම් පාරක් හදලා කියනවා ඒ මට දෙවියො මොළේ දෙන්න එන පාරලු..මේකා නම් මහ කෝලමක් වෙලාවකට..වැලිවලිනුත් වහලා ඒ මදිවට ඔළුව උඩින් සිප්පි කටු තියලා කොල්ලා අත්පුඩි ගගහා හිනා වෙනවා..මගෙ ඇඟ උඩට නැගලා මගෙ නහයත් ඇද ඇද සිරික්කිය දානවා..බෝයිෆ්‍රෙන්ඩ් කියලා එක්කන් ආව මං අන්තිමට එයාගෙ බෝනික්කා වෙලා විදින්න තියෙන වද තිස් දෙකම වින්දද කොහෙදො ..බීච් එකේ හිටිය අනිත් අයත් මේ පැත්ත බලන් හිනාවෙද්දි තවත් මේ විකාරෙ ඉවසන්න බැරුව මං නැගිට්ටා..බීච් එන කපල්වල කොල්ලට ඇත්තටම මේ විදිහට කෙල්ල වල කපනවද දන්නෙ නෑ..ඒත් ඔය එන හැම කපල් එකක්ම හොදට විනෝද උනා කියලා හිනා වෙවී ගියාට වැලි නාන් හිටිය මට නම් ඔය මොන මගුලක්වත් දැනුනෙ නෑ..මෙහෙම බීච් එකේ වැලලෙන්න වෙනවා නම් මට ආදරේ කරන්න තියා කෙල්ලෙක් දිහා බලන්නවත් ඕනෙ නෑ..ඒ උනාට ඉතින් එහෙමත් බෑනෙ..කෙල්ලෙක්ව යාලු කර ගත්තාම බීච් එකට හැර වෙන ඕනම තැනකට එක්කන් යනවා..ආයෙ නම් මං බීච් එකේ පොටෝ එකක් දිහාවත් බලන්නෙ නෑ...

..අනේ..හ්..යන්න..එපා ගේගේ..අපි තාම පටන් ගත්තා විතරනේ..

..අනේ මේ කොල්ලො මට නම් බෑ මෙහෙම වැලි නාන්න..කෙල්ලෙක්ව දා ගත්තට පස්සෙ මෙහෙම නෙවේ තමුසෙ ඒකිත් එක්ක මෙතන වැලලුනත් මට කමක් නෑ ඒත් දැන් නම් මාව අල්ලගන්න එපා..


..අනේහ්..මොකක්ද අයියෝ..අපි ආවෙ බීච්නෙ..බීච් ආවාම මේවා තමා කරන්නෙ..


චාන් මගෙ අතක් බදන් මාව හොල්ල හොල්ල කෑ ගැහුවා..ඇත්තටම බීච් ආවාම කරන්නෙ මේවද..ඒත් අනිත් කපල් එහෙම කරනවා ඇත්ද..මං නිකමට වටේට රබර් ඇහැ දාලා බැලුවා..ම්ම්හ්ක්..නෑනෙ අනේ..අපි කරපු විදිහට කරන්නෙ තාත්තලයි ලමයිනුයි විතරනෙ..එතකොට මේකා මේ කරමු කියලා බලාගෙන ආවෙ තාත්තායි පුතාලයි කරන ඒවද..ආ..යිශ් ..නිකම් සවුත්තු උනානේ..

💞Can We Love💞 (Yz Completed ff)حيث تعيش القصص. اكتشف الآن