💞Can we love ....01💞

1.9K 162 23
                                    


.

.

.

ගිම්හානයේ අවසානයත් සිසිරයේ ආරම්බයත් ගැන කියන ගමන් සරත් ඍතුවේ කලබලත් නැති නිශ්චලලත් නැති හුලග හමාගෙන ගියේ මේපල් කොලවලට පවා විහුලු කරන ගමන් වෙන්න ඇති..වෙලාවකට පාතින් හමා ගෙන තනකොල අවුස්සගෙන ගිහින් එකපාරටම උඩින් මතු වෙලා මේපල් අතු හොල්ලන හුලග අද නම් ටිකක් විතර නොසන්සුන් කියලයි මට හිතුනෙ..හැමදාමත් දකින විදිහෙ දගකාරකම අද ඒ හුලගෙ නොවෙනකොට මට දැනුනෙ ටිකක් අමුත්තක්..හොද හුස්මක් ඇදලා ඒක නොසන්සුන් හුලගට එකතු වෙන්න පිට කරලා මන් කලින් විදිහටම ඈතින් පෙනුනු මේපල් ගස් දිහා බලන් හිටියා..තැබිලි රතු පාටින් හැඩ වෙලා තිබ්බ මේපල් ගහක කොලයක් වෙලා ඉන්න තිබුනානම් කියලා මට හිතුන වාර අනන්තයි .ඒත් ඉතින් කොච්චර ලස්සන උනත් කොච්වර නිදහස් උනත් මේපල් කොලයක් කියන්නෙ අනිත් අයගෙ ඇහැට සතුටක් දීලා යන්නම යන කෙනෙක් වෙනකොට මට හැමදාම ඕන උනේ වෙන කෙනෙක් වෙනුවෙන් නැතුව මන් වෙනුවෙන්ම සතුට හොයාගෙන යන්න..මොකක්දෝ හේතුවකට හැම දේම තිබිලත් හිතේ සතුට විතරක් නැති වෙනකොට මට දැනුනෙම මගෙ ජීවිතේ දෙයක් මට මග ඇරිලා කියලා..මග ඇරුනෙ මොකක්ද කියලා දැනන් හිටියත් ඒ හිස්තැන පුරවගන්නෙ කොහොමද කියලා මට අදහසක් තිබුනෙ නෑ..සමහර විට මන් මේ වෙලාවෙ මෙතන ඉන්නෙත් ඒ නිසාම වෙන්නෙ ඇති..

ආයෙමත් අකීකරු උනු හුලග ටිකක් වේගෙන් හමාගෙන යනකොට කවදාවත් නැති විදිහට ඈත තුබුනු මේපල් යායෙන් මේපල් කොලයක් හුලගත් එක්ක ඇවිත් මන් ඉස්සරහම නැවතුනා..හිතට ආව අමුතුම හැගීමක් එක්ක ඒක අල්ල ගන්න මන් අත දික් කලා..මේපල් කොලේ අතට වැටුනත් ඒ එක්කම කාගෙ හරි අතක් මගෙ අත එක්ක හැප්පුනා..මන් හිතන්නෙ එයත් හැදුවෙ ඒ කොලේ අල්ලගන්න..ඒත් කොලය අල්ලන්න හිතන් මගෙ අතත් එක්ක අල්ලන් හිටිය කෙනා දිහා මන් මගෙ බෙල්ල හරවලා බැලුවා..අතේ විදිහ අනුව ගෑනු ලමයෙක් වෙන්න ඇති කියලා හිතුවත් එතන හිටියෙ පිරිමි ලමයෙක්...නිකන් පිරිමි ලමයෙක් නෙවේ ඉස්කෝලේ යුනිෆෝර්ම් එකක් ඇදගෙන නලල වැහෙන්නම කොන්ඩෙ පාත් කරන් හිටිය පිරිමි ලමයා පොඩි වයසක කෙනෙක් වෙන්න ඇති කියලයි මට හිතුනෙ.බෝල කම්මුල් දෙකත් රවුම් කන්නාඩි දෙකට යටින් තිබුනු දිලිසෙන ඇස් දෙකත් දිහා මන් මාරුවෙන් මාරුවට බැලුවා..කන්නාඩියට තද වෙලා තිබුනු දිග ඇස් පිහාටු දිහා මන් බලන් ඉද්දි මෙච්චර වෙලා මේපල් කොලයක් දිහා බලන් හිටිය එයා ඇස් කරකවලා මන් දිහා බැලුවා..එතකොටම කන්නාඩියට වැටුනු ඉර එලිය එක්ක ඒ ඇස් තවත් දිලිසුනා කියලයි මට හිතුනෙ..

💞Can We Love💞 (Yz Completed ff)Donde viven las historias. Descúbrelo ahora