💞Can we love ...12💞

356 99 13
                                    

..


..


..






..බෝ බෝලේ..



මගෙ බයික් එක ඇකඩමි එක ඉස්සරහ නවත්ත්ලා පාර්ක් කරපු ගමන් එයා පිටිප්ස්සෙන් ඇවිත් මගෙ ඇදුමෙ කොනක් තද කරලා අල්ල ගත්තා..අනේ..හ්..එයා කලබල වෙලා වගේ..ඇකඩමි එකක් තියෙනවා කිව්වට එයා දැනන් හිටියෙ නැතුව ඇති මේක මේ තරම් ලොකුයි කියලා..ලොකු ගේට්ටුවෙන් වැහිලා දිග තාප්පෙකින් වට උනු තට්ටු ගාණක් උස මගෙ ඇකඩමි එක ඇත්තටම ගොඩක් ලොකුයි..වයස් අනුව ප්‍රැක්ටිස්වලට වෙනම ෆ්ලෝර්ස් තියෙද්දි ටීම් විදිහට ප්‍රැක්ටිස් කරන්නත් වෙනම කොටස් තිබුනා..වගකීමක් දරන්න පුළුවන් දක්ශ කෝච්ලා පවා මං යටතෙ ඇකඩමි එකේ ඉද්දි මටත් නොදැනී මගෙ wy ඇකඩමි එක රටේ ප්‍රසිද්ධ වෙලා තිබුනා..ඉතින් මේ වගේ රටක් දන්න තැනක් අයිති තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට කියලා දැන ගද්දි එයා උනත් පුදුම නොවී තියෙයිද...

මං පිටිපස්සෙන් අත දාලා මගෙ ඇගේ ඇලිලා හිටිය චූටි කූඩැල්ලව ඉස්සරහට ගත්තා..තාමත් බයෙන් වගේ ඇස් ලොකු කරන් වට පිට බලද්දි මං ඒ තොල්වලට සමනල් හාද්දක් දීලා ඉන වටේ අත් දාන් මට තුරුලු කර ගත්තා..

...මගෙ බබා බය වෙන්න එපා හරිද...මං ඉන්නවනේ..මේ තරම් ලොකු තැනක් මගෙ කියලා හිතලා ඔයා මට ගැලපෙන්නෙ නෑ වගේ විකාර හිතන්න යන්නත් එපා..මේ හැමදේමත් ඔයාගෙ තමා..දැන් එන්නකො බය නැතුව ..මේ මං අල්ල ගත්ත අත අතාරින්නෙ නැතුව මගෙ ලගින්ම ඉන්න ඕන හරිද..


එයා ඔව් කියන්න ඔළුව හොල්ලද්දි මං ආයෙත් එයාට චොක් ගාලා හාද්දක් දුන්නා..ඇස් හීනි කරපු එයා මගෙ අත් ගොබේක එල්ලෙද්දි මං හොද හුස්මක් අරන් ඇතුලට ගියා..ඇතුල් වෙන තැනම හිටිය අය ඇස් කටේ දාන් බැලුවත් මොනවත්ම නොකියා මට ග්‍රීට් කරපු අයට ආපහු ග්‍රීට් කරලා කෙලින්ම ලිෆ්ට් එක පැත්තට ගියා..එයාලටත් පුදුම ඇති..මං කවදාවත් මාත් එක්ක කවුරුත් ම මේ විදිහට එක්කගෙන ඇවිත් නෑනේ..හිතන් හිටියෙ මට ආදරේ කරන්න කවුරුත් හොයා ගන්න බෑ කියලනෙ..ඉන්නවකො ..මෙයා අකමැති උනත් මං කෙලින්ම කියනවා මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා..ආ..හ්..ඒක ඉතින් කියන්න දේකුත් නැනේ..කපල් ටී ඇදලා කපල් ශූස් දාන් ඉද්දි පොඩි එකෙක්ට උනත් තේරෙනවා අපි කපල් එකක් කියලා..

💞Can We Love💞 (Yz Completed ff)Onde histórias criam vida. Descubra agora