💞Can we love ...22💞

321 97 16
                                    

..

..

..



බ්‍රා....ස්...












මගෙ අතින් කාර් එකේ බ්‍රේක් එක තද වෙද්දි මං සුක්කානමට අත තද කරන් වෙන පැත්තක් බලාගත්තා ..කාර් එක ශියෝ හවුස් ඉස්සරහ නැවතිල තිබ්බත් එයා බහින්නෙ නැතුව ඔලුව බිමට පාත් කරන් හිටියා..තාමත් එයාගෙ කම්මුල් හරහා කඳුළු කැට කඩන් වැටුනත් ඒවා පිහින්නවත් කරදර නොවී මං තවත් අත් දෙක සුක්කානමට තද කලා..මට කේන්තියි..මේ මෝඩයව මෙතනම මරන්න තරම් මට කේන්තියි..ඒත් රන්ඩු වෙලා ප්‍රශ්න විසදන්න බැරි නිසා මං කට වහගෙන ඉවසන් හිටියා..මගෙ ඇගිලි පාර ඒ කිරිපාට කම්මුලක රතු පාටට හිටලා තියෙන හැටි ඇස් කොනින් පෙනෙද්දි මට මං ගැනම තරහක් ඇති උනා..මං මේ එයාට අත උස්සපු පලවෙනි පාර..හ්ම්ම්..කවදාවත් රිද්දන්නෙ නැතුව රෝස මලක් වගේ පරිස්සම් කරනවා කියලා හිතුවට එයාගෙම මුරන්ඩුකම හින්දා මට එයාට රිද්දන්න උනා..මේ මෝඩයා කියන හැමදේම තේරුම් ගන්නෙ වැරදියට..එක විනාඩියක් මං කියන දේ හටියට අහන් ඉන්න බෑනේ...උඩින් පල්ලෙන් ඇහිච්ච දෙයක් අල්ලන් විකාරයක් නටලා අන්තිමට තව ටිකකින් අර ට්‍රක් එකට යට වෙනවා..ඒ මනුස්සයා වෙලාවට බ්‍රේක් එක ගැහුවෙ නැත්නම් මොනා වෙයිද..මේ බූරුවට ඕං මාවත් මරාගෙන මැරෙන්නද..ඒ වෙලාවෙ ඇගේ ලේ වතුර උනු තරම දන්නෙ මං විතරයි ..ජීවිතේ කවදාවත් මං ඒ තරමට බය වෙලා නැතුව ඇති..ඒ බයයි ඇති උනු කේන්තියයි දරාගන්න බැරි තැනම මං කලේ ඇදලා අරගෙන කෙලින්ම එයාගෙ කම්මුලට ගහපු එක..ඒ වෙලාවෙ කියන්න තියෙන හැමදේම කිව්වත් මේ කොල්ලා කරේ මුකුත්ම නොකියා අඩපු එක විතරයි ..හිතෙනවා ඇති මං ගහපු එක වැරදියි කියලා..ඒ උනාට මේ මෝඩයගෙ මෝඩ වැඩ හින්දා මං පිච්චුනු තරම දන්නෙ මං විතරයි ...ඒ ගැනවත් නොහිතා වැරදි ටික මං පිටින් දාලා තරහ උනොත් නම් අම්මපා මං මේකගේ ගෙවල් තියෙන පැත්තවත් බලන්නෙ නෑ..



..කෝ බහින්නෙ නැද්ද..ගෙදරට ඇවිත් ඉන්නේ..

මං එහෙම කිව්වේ විනාඩි පහලවක් විතර ගිහිල්ලත් බහින්න ලෑස්තියක් නැති නිසා..මගෙ කට හඩේ කිසිම ලෙන්ගතුකමක් නැතුව කේන්තිය විතරක් තියෙද්දි එයා ඇස් කොනෙන් මං දිහා බලලා ලොකු හුස්මක් අතෑරියා..කතා කරන්න ඕන උනත් මුරන්ඩුකමට කතා නොකර ඉන්න ගතියක් තමා එයාගෙන් පෙනුණේ..හු..හ්..මටත් මොකෝ..වැද වැද පස්සෙන් ගිහින් කතා කරන්න එයා ජනාධිපති ද..මං නවත්තයි කියලා හිතන් වගේ අදි මදි කරලා යන්න ලෑස්ති වෙන ගතියක් තමා කොල්ලගෙන් පෙනුණේ..හිතේ ඇති මං නවත්තලා ගහපු එකට සමාව ඉල්ලයි කියලා..එව්වා නම් මේ කපේට වෙන්නෙ නෑ.. හරි නම් තව පාරක් ගහන්න තිබ්බෙ තියෙන ගොන්කම් ටිකත් බහින්නම..යනවා නම් යන එකයි ඇත්තෙ අල්ලගත්තෙ නෑ...

💞Can We Love💞 (Yz Completed ff)Donde viven las historias. Descúbrelo ahora