Wang yibo POV
පපා මාව උදෙන්ම ඇහැරවලා ලෑස්ති වෙන්න කිව්වා අර වැදගත් මනුස්සයා එනවා කියලා මම මුලින්ම හිතන් හිටියේ වැදගත් මනුස්සයා ගෑනු කෙනෙක් කියලා එතකන් බලන් යද්දී ඌ පිරිමි කෙනෙක් කමක් නෑ වරකෝ මම උබට මාව එපාම කරවන්නම් 😏
" යීබෝ ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න "
" හරි පපා "
මම පපා එක්ක breakfast එක අරං උඩට ආවේ ලෑස්ති වෙන්න කියලා මොනවා උනත් මම ලස්සනට ඉන්න එපැයි එත් මම කල්පනා කරේ අද මොන වගේ color එකකින් ද අදින්නේ කියලා black ? Blue ? Red ? White ? මොන පාට ද හොද white color එක හොඳයි .
ශා...... ඔය ඉන්නේ කොල්ලා හැන්ඩියට 😌 ලෑස්ති වෙලා ඉවර වෙලා මම පහලට යද්දී පපා නම් main door එක ඉස්සරහා ට වෙලා අතේ බැදලා තිබුන ඔරලෝසුවෙන් වෙලාව බල බල එහාට මෙහාට යනවා පපා අද ගොඩක් කලබලෙං ඉන්නේ වගේ එත් ඒ ඇයි මීට කලින් මට proposal අරං ආපු අය ආවත් වෙනදා මම මෙච්චර කලබල වෙලා නෑ ආපහු වම බලමුකෝ කවුද මේ වැදගත් මනුස්සයා කියලා පපා ගෙන් ඒ කවුද කියලා ඇහුවට පපා ඒ ගැන මට කිව්වේ නෑනේ 😒
" බො "
එහාට මෙහාට ඇවිද ඇවිද හිටපු පපා මගේ ළඟට ඇවිත් කතා කරාම තමා මම කල්පනා ලොකෙන් මිදුනේ
" කියන්න පපා "
පපා කලබලෙං ඉන්නේ කියලා මට දැන් හොදටම තේරෙනවා එයාගේ ඉහෙන් කනෙන් දාඩියත් බෙරෙන දාඩිය බිංදු හින්දා ,
" බො ඔයා ගිය පාර proposal අරං මෙහාට ආපු අයට වගේ මේ එන අයට නම් කතා කරන්න එපා පුතේ එහෙම ඔයා කරොත් අපි දෙන්නට පාරට බහින්න තමා වෙන්නේ "
"එත් එත් පපා .... "
මට එච්චරයි කියන්න හම්බුනේ අපේ ගෙදරේ මිදුලේ වාහනයක් පාර්ක් කරන සද්දේ ඇහුනා එත් එක්කම පපා එයාගේ මුණේ තිබ්බ දාඩිය බිංදු එයාගේ සාක්කුවේ තිබ්බ ලෙන්සුවෙන් පිහිදා ගද්දී door bell එකේ සද්දෙ ඇහුන හින්දා පපා අතේ තිබ්බ ලෙන්සුව සාක්කුවට දාගෙන හිනා වෙලා ගිහිං දොර ඇරියා දොර ඉස්සරහා හිටියේ පපා ගේ වයසේ වගේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි 👀
" බො මේ ඉන්නේ මිස්ටර් සියාඕ ඇන්ඩ් මිසිස් සියාඕ "
" හායි මම වන්ග් යීබෝ "
පපා මට එයාලව අදුරලා දෙද්දී මාත් එයාලට මාව අදුන්වලා දීලා ඒ දෙන්නා දිහා බලලා ලස්සනට හිනා වෙලා ලාවට හිස නවලා ආචාර කරා එයාලත් මට ලස්සන හිනාවකින් සංග්‍රහ කරා ඇත්තටම ඒ දෙන්නා ගොඩක් මැච් වෙන කපල් එකක් වගේ .
" මිස්ටර් සියාඕ එන්න ඇතුලට ඇවිත් ඉද ගන්න "
පපා එයාලට ගේ ඇතුලට ආරාධනා කරා එයාලා දෙන්නා ඇවිත් living room එකේ තිබ්බ සෝෆා එකක ඉද ගත්තා මාත් පපා ළඟට ගිහිං පපා ළඟින් ඉද ගත්තා .
" මිස්ටර් සියාඕ ඔයාගේ පුතා ආවේ නැද්ද ? "
ඇත්තටම ඒ මනුස්සයා කොහෙද ? මාව බදින්න ඕන නම් මාව බලන්න එන්න එපැයි ආපු නැති එකත් හොඳයි 😒
" එයා ආවා එයාට මේ දැන් ඔෆිස් එකෙන් කොල් එකක් ආවා කොල් එක ඉවර උන ගමන් එයා එයි "
මිස්ටර් සියාඕ යි පපා යි දෙන්නා බිස්නස් , එතකොට මගේ යි අර මිස්ටර් සියාඕ ගේ පුතාගේයි මැරේජ් එක කරන හැටි ගැන තව රටේ නැති දේවල් ගැන කතා කරනවා . මේ ටික වෙලාවට මට තේරුම් ගියපු එකම දෙය නම් මිස්ටර් සියාඕ කියන්නේ මගේ පපාටත් වැඩිය සල්ලි තියෙන මනුස්සයෙක් කියන එක විතරයි 😐 පපා ඇනී ට කිව්වා බොන්න මොනවා හරි හදන් එන්න කියලා දැන් ඇනී ගිහිං විනාඩි දහයක් විතර වෙනවා තාම නෑනේ breakfast ගත්තට වැඩක් නෑනේ තාම මගේ සූටි බන්ඩිය පිරිලා නෑනේ ඇනීයෝ ඉක්මනට වරකෝ මට බඩගිනියි 😪 .
" දඩාස් "
Wang yibo POV end
____________________________________🖋️ මිස්ටර් සියාඕ ට සල්ලි තියෙනවා ඈ මිස්ටර් වන්ග්ටත් වැඩිය 🌚
____________________________________මේ චැප්ටර් එකනම් චුට්ටක් දිගයි ඔන්න 🙈😪
වොට් එකක් දාලා සූටි කමෙන්ට් එකකුත් දාන්න 😗
ඊළඟ චැප්ටර් එකෙන් හමුවෙමු 💚❤️
පරිස්සමින් ඉන්න 😗
බායි 😴
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...