Author POV
විවාහ උත්සවය අවසාන වී ඔවුන් දෙදෙනා ම පිටත් වූයේ ශාන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් මිලදී ගත් නිවසකට ය .
පැය දෙකක පමණ කාලයක ගමනකින් පසු ඔවුන් දෙදෙනා පැමිණියේ වැඩිය කවුරුවත් නැති ටිකක් නිස්කලංක පරිසරයක පිහිටි නවීන පහසුකම් වලින් සමන්විත නිවාසයක් ඉදිරි පිටට
" ශාන් ගගා මේක ද ඒ ගේ "
තමන් ට ඉස්සරහට මොන වගේ දේකට මුහුණ දෙන්න වෙයි ද කියලා දන්නේ නැතිව අහිංසක යීබෝ ශාන් ඔවුන් දෙදෙනා වෙනුවෙන් මිලදී ගත් නිවසේ සිරි නරඹන්න විය . යීබෝ විවාහය සිදු වෙන අවස්ථාවේ ඔහු තමන් ට පවසා ගත්තේ " ශාන් ගගා එක්ක ඉස්සරහට සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරණ බව " යීබෝ ට ශාන් සමග සතුටින් ජීවත් වීමට පුළුවන් වෙයි ද ? යීබෝ ශාන් කරන , කියන දේවල් ඉවසයිද ? යීබෝ ශාන් වෙනුවෙන් හැඩ ගැහෙයි ද ? ඇත්තටම යීබෝ ට මොනවා වෙයි ද ? මොනවා වලට මුහුණ දෙන්න වෙයි ද ? ඒ ගැන නම් කවුරුවත් දන්නේ නෑ .
" ඔව් බේබී ඔයා මේකට කැමති ද "
ශාන් කාර් එකෙන් එලියට බහින ගමන් යීබෝ ගෙන් ඇසුවේ ය .
" ඔව් ගගා "
යීබෝ ද වාහනයෙන් එලියට බහින ගමන් පිලිතුරු දුන්නේ ය .
" එහා පැත්තේ ගාර්ඩන් එකක් තියෙනවා බේබී ඔන්නම් ගිහිං බලන්න "
" හා ගගා "
ශාන් ඔවුන් දෙදෙනා ගේ සූට් කේස් දෙක රැගෙන ගේ ඇතුලට යද්දි යීබෝ ගාර්ඩන් එක පැත්තට ගියා .
Wang yibo POV
YOU ARE READING
NEVER LETTING GO ( COMPLETED )
Fanfictionආදරයක් ද ? ආශාවක් ද ? උමතුවක් ද ? ❤️ ආදරයක් ද ? අනුකම්පාවක් ද ? කැමැත්තක් ද ? 💚 ___________________________________________ මානසික රෝගයකින් පෙළෙන ඔහුගේත් ❤️ සෙල්ලක්කාර , අහිංසක ඔහුගේත් 💚 කතා...