Chapter 25

1.9K 166 56
                                    

( Author POV එකෙන් ඈ )

ශාන්ගේ අතින් මෙන්ග් සියීගේ මරණය වී අදට දින තුනක් ගත වී තිබුණේ කිසිම දෙයක් නොවුනා මෙන් මෙන්ග් සියී කියන්නේ දෙමාපියන් නොමැති කෙනෙක් නිසා ඇය ගැන හොයන්න කිසිවෙක් සිටියේ නැති නිසා ඇයගේ අතුරුදහන් වීම පිළිබඳ කවුරුවත් පොලිසියට නම් පැමිණිලි කරේ නෑ ඒ වගේම තාම මෙන්ග් සියීගේ මිනිය කාටවත් හමුඋනේ වත් නෑ .

එත් හැමදේම සංසුන් ව තිබ්බට හැමදාම එහෙම තියෙයි ද ?

පරිසරය සංසුන් බව කුණාටුවක ළඟ එනවා කියන්න පල වෙන ලකුණු වෙන්න පුළුවන් නේද ?

ශාන් තමන්ගේ එදිනෙදා දින පැවැත්ම වෙනදා වගේ සිදු කරගෙන ගියත් යීබෝට නම් මේ දවස් එච්චර පහසු උනේ නෑ.   එදා ශාන් මෙන්ග් සියීව මරනවා කියලා කියපු එක ගැන යීබෝ බය උනා මොකද මොනවා උනත් මෙන්ග් සියීගේ කුසේ වැඩේන්නේ තමන්ගේ ලේ කැටියක් නේද ? කියලා මතක් වෙද්දී යීබෝගේ හිතේ පිය සෙනෙහස උතුරා ගියා .

අදත් වෙනදා වගේම ම  දවසක්  ශාන්ට උනාට යීබෝට නම් එයා ශාන්ගේ මැන්ශන් එකේ හිර වී සිටින තවත් දවසක් විය .

අදත් වෙනදා වගේ ශාන් උදේ ම නැගිටලා ලෑස්ති උනේ ඔෆිස් එකට යන්න.  ශාන් ලෑස්ති වෙන්න අතරතුර යීබෝ කරේ ශාන්ගේ උදේ ආහාර වෙල සුදානම් කිරීම . උදේ ආහාර වෙල සුදානම් කර අවසන් වූ යීබෝ ගියේ ලිවීන් රූම් එකට

වෙනදා උදේ ට ටිවී එක දාන්නේ නැති යීබෝ අද කවදාවත් නැතිව ටිවී එක ඔන් කරා .

යීබෝ ටිවී එක ඔන් කරද්දී ම ගියේ breaking News

" ##### විදියේ කෙලවර පිහිටි කුණු කසල පද්ධතියක් අසල තිබී තරුණියක මල සිරුරක් හමුවිය . ඒ මෙන්ග් සියී නම් තරුණියගේ බවට තහවුරු වී තිබේ . වැඩි දුර තොරතුරු සඳහා අප හා දිගටම සම්බන්ධ වී සිටින්න "

ඒ පුවත යීබෝගේ කන වැටුණු සැනින් යීබෝ බිම දණ ගහගෙන අඩන්න පටන් ගත්තේ මේ හැමදේම තමන් නිසා සිදු වූ බවට තමන්ට දොස් පවරා ගනිමින්

ශාන් පඩිපෙල දිගේ පල්ලෙහාට බැහැගෙන එද්දී දැක්කේ ලිවීන් රූම් එකේ බිම දණ ගහගෙන අඩන යීබෝව , තමන්ගේ අඩිය ඉක්මනින් තබමින් යීබෝ අසලට ගිය ශාන් යීබෝ අසලින් ඉදගෙන බිමට හරවන් හිටිය යීබෝගේ මුණේ තමන්ගේ පැත්තට හරවා ගත්තා .

NEVER LETTING GO ( COMPLETED ) Where stories live. Discover now