මලක් අයිති බඹරෙකුට යැයි සැවොම කියනා කවි නිසා
මාත් සිතුවා මෙමල අයිති එකම බඹරෙකුටැයි කියා
හිමි වු බඹරිදු සොයා එනතෙක් සිටියා මා ඇසිපිය නොලා
ඉතින් එවිටයි දැක්කෙ ඔබ රුව පියනගනයුරු මා වෙතාඔබෙ සිනහ මුව මඩල අසලින් පිපෙන විට මා දෙස බලා
මාත් පිපුනා ඔබත් එක්කම ඒ සිනහමල් වත දරා
ඔබේ සළු පැහැ මගේ සළු පැහැයට කැපෙන දිගු දුරක් දක්වා
ඔබත් මගෙ අත අතින් අල්ලා පියනැගුවා හද මඩල කිතිකාමා දුන්න පෙම මදිවදෝ නුඹ අද ගියා වෙන එකෙකු හා
දෑත් බැදගෙන මහදුරක් යන්නට සිතින් ෆැන්ටසි මවා ... එදා ඔබ මා හා ගැළපූ ඒ සෑම ඇදුමකම පැහැ ...
අහෝ ඇගෙ ඇදුමේ පැහැයට ගැළපුනා කදිමට ... නොවෙයි මා නොදුටුවාඒත් බඹරිනි රහසක් ඇත තවමත් මා සිත දරා
නොගැළපෙන මා පසෙක හිද බලා ඉන්නම් ඔබ දිහා
එදා මෙන් තවමත් ම ඔබ වෙනුවෙන් ම වෙන් වූ හද දරා
සිටී මා ඔබ එනතුරා ඔබේ පැහැයන් රහසින් ම ගළපා ...Weiyexiao
Boot කාපු යාළුවෙක් වෙනුවෙන් ලිවේ ... හොදද මන්දා
ආදරේ ගැන නොදන්න මං විරහව කොහොම අකුරු කරන්නද ?
YOU ARE READING
La Vie en Rose
Poetryඅදහස් කැටි කර දැක්වීමට ඇබ්බැහි වූ කල ... නිසදැස් ලිවීම නවතාගත නොහැක ...