Taehyung-" සූයා... මොකද මේ කරන්නේ, දැන්මම එනවා මගෙ ඔෆිස් රූම් එකට"
Author Pov
ටේ එක තදින් කිව්වේ.. කෙල්ලත් ගැස්සිලා ගියා ඒකට...
Taehyung-" ජන්කුක් යනවා ගිහින් වැඩක් කර ගන්නවා... තමුන්ගෙ exam ලගයි නේද... මෙහෙම තැන් තැන් වල ඉඳන් කෙල්ලො එක්ක කතා කර කර හිටියම හරිද අහ්!.."
මුල් ටික ජන්කුක් දිහා බලාගෙන බැන්නත් අන්තිම ටික කියද්දිනම් සූයා දිහා බලන් කිව්වේ..
ටේ බනින්න ගත්ත වෙලේ ඉඳන් දෙන්නා හ්ම් නෑ... ටේ බැනලා ඉවර උනාට පස්සේ ජන්කුක් එතනින් යන්න ගියා.... එත් කොල්ලටනම් ඕවා පුරුදුයි... බැනුම් අහලා කොල්ලා අයෙත් සුපුරුදු පරිදි හෝල් එක ඇතුලට ගිහින් කෙල්ලො එක්ක කතාව.
ජන්කුක් ගිය ගමන් ටේ සූයට කිව්ව විදියට ටේ ගෙ ඔෆිස් එකට ගියා... ටේත් සූයා පස්සෙ ගියා..
දෙන්නම ඇතුලට ආවට පස්සේ.. ටේ දඩස් ගාලා සද්දෙන්ම දොර වහලා දැම්මා...
Taehyung-" මොනවද ඔච්චර දෙන්නා කතා කරන්නේ.."
Suuya-" අහ්...මේ.. mr.kim එහෙම විශේශ දෙයක් නෑ..."
Taehyung-" ඒකත් එහෙමද "
ටේ එකපාරටම කෙල්ල ලගට ලන් වෙලා කෙල්ලගෙ මූනට එබුනා, කෙල්ල එකපාරට පස්සට බර වෙලා පුදුමෙන් වගේම බයෙන් බලාගෙන හිටියා..
Taehyung-" හ්ම්ම්... පන්තියට යන්න දැන්"
එහෙම කියපු ටේ කෙල්ලගෙන් ඈත් වෙලා කෙල්ලට යන්න ඉඩ දුන්නා... සූයත් ටේ ට ආචාර කරලා ඉක්මනින් ඉක්මනින් එළියට ගියා..
සූයාගෙ මේ හැසිරීම ටේ හරිම කැමැත්තෙන් වගේම ලොකු හැගීමකින් බලාගෙන හිටියා.. ටේ හිටියේ තමන්ව උපරීමේටම පාලනය කරන්... සූයාව මෙහෙම ළඟින් දකින එක ටේ ගෙ ඉවසීම නැතිම කරන අවස්ථාවක්..
Suuya Pov
මොකක්ද හත්තිලව්වේ ඒ උනේ.. මං ජීවතුන් අතර ඉන්නවා නේද...? මාව සීතල වෙලා... මොනව උනත් ඒක ටිකක් විතර මරු හැබැයි... මොනවද මම මේ හිතන්නේ,මට පිස්සු..
---⏳⏳⏳---
@Apartment
Author Pov
සූයා ගෙදර ඇවිත් හාරූ එනකන් බලාගෙන හිටියා,මොකද මේ වෙද්දි එයා එන්න ඔනේ නිසා...එතකොටම හාරූ ගෙන් msg එකක් ආවා..
📩Haa ru-" සූයා... මම ජිමින් එක්ක ඉන්නේ.. මං අද එහෙ යනවා පොඩි වැඩකට, එද්දි රෑ වෙයි... ඔයා කාලා නිදා ගන්න, මං ළඟ යතුරක් තියෙනවනෙ... හ්ම්... පරිස්සමින් 💋❤.."
Suuya-" අහ්..... මෙයත් මේක දැන්නෙ කියන්නේ..."
සූයා ෆෝන් එක සෝෆා එකෙන් තියලා කිචන් එකට යන්න ගියේ, එතකොටම_
📞...
Suuya-" මේ කව්ද මේ... මහ රෑ කෝල් කරන්නේ.."
📞Suuya-" යෙබුසෙයෝ.."
📞??-"........
📞Suuya-" කව්ද මේ කතාකරනවකො.."
📞??-".........
📞Suuya-" ආයීශ්.... මේ මොන මල සමයමක්ද මන්දා...විකාර... කතා කරන්න බැරිනම් මං තියනවා... මගුල.."
📞??-"Hello.. මේ මම.."
📞Suuya-" මම? මම කියන්නෙ කව්ද? නමක් නැද්ද ඔහෙට"
📞??-" මම _
____________________________________
ඒකවුරු වෙන්න පුලුවන් ද 😉
ඊලග කොටසින් හමුවෙමූ 😘❤
Comment, vote එකක් දාන්න අමතක කරන්න එපා....
ලස්සනයි කියලා හිතෙනවන්ම් share කරන්නෝ 💞
කතාවත් එක්ක දිගටම ඉන්න 😉💖
බා.....යී......💋❤