Suuya Pov
Lectures ඉවර උන නිසා මං ලැස්ති උනේ සුප් එකකුත් හදාගෙනම ඔප්පව බලන්න යන්න.. ඒත් හාරූට තාම lectures නිසා මම තනියම යනවා..
Suuya-" හාරූ... මම යනවා.."
Haa ru-" හරී සූයෝ... පරිස්සමට... මම එන්නම් මේක ඉවර උන ගමන්.."
Suuya-" හරි..."
⏳⏳⏳⏳
බස් එකේම මම hospital එකට ආවා... මම ඔප්පා ඉන්න රූම් එක ලගට යද්දි දැක්කෙ ජින් ඔප්පා එලියට එනවා..
Jin-" අහ් සූයා.. ඔයා ඉන්නවනෙ එහෙනම්.. මම මේ ගෙදර යන්න කියලා.. ටිකක් රෙස්ට් කරන්න ඕනේ.. හවස ලෙක්චර්ස්.."
Suuya-" හරී ඔප්පේ.. මම ඉන්නවා.. හාරූත් ටිකකින් එයි..."
ජින් ඔප්පගෙන් සමු අරන් මං ගියේ රූම් එකට.. මම කතා කරන් නැතුව ඇතලට ගියේ ඔප්පා මොකද කරන්නේ කියලා බලන්න..
එයා ඇදේ හේත්තුවක් දාගෙන ෆෝන් එකේ.. කාත් එක්කද දන්නෑ හිනා වෙවි චැට්..අහ්ම්..අහ්ම්..
මම ඇතුලට ආවා කියලා සිහියකුත් නෑ ඉතින් මං උගර ටිකක් පෑදුවා...
Tae-" අහ් සූ... ඔයා ආවද..."
Suuya-" ඔව් මං ආවා.. මොකද කරන්නේ..ම්ම්"
Tae-" මොකුත් නෑ පැටියො.. එන්නකො ලගට.. මොකද ඔතන ඉදන් කරන්නේ.."
ඔප්පා පොඩි එකෙක් වගේ අත් දෙකත් දික් කර ගෙන කියපු නිසා මං ලගට ගිහින් හග් එකක් දුන්නා.. මං ඇදේන් වාඩි වෙලා ඔප්පට හදපු සුප් එක ගත්තා..
Suuya-" හ්ම්ම්.. ඔප්පා.. මං සුප් එකක් හැදුවා.."
Tae-" වාහ්හ්... සූ එකෙ සුවද නම් මරු..."
Suuya-" හී හී... මගෙ වැඩ තමා ඉතින්.. කෝ ඉන්න මං පොවන්නම්.."
සුප් එක පොවලා ඉවර වෙලා මම ඒ බාජනෙත් බෑග් එකේ දාගෙන ඒක පැත්තකින් තියලා අයෙත් එයා ලගට ඇවිත් ඉද ගත්තා..
Suuya-" ඔයාට දැන් කොහොමද.."
Tae-" මට දැන් ටිකක් හොදයි සූ... මට ලෙක්චර්ස් වලට යන්නත් බැරි උනා.. මට ජින් කිව්වා ඒ වෙනුවට කෙනෙක්ව දාලා කියලා.. කොහොමද සූ ඔයාට ඒ දේවල් පැහැදිලි නේද.. ගැටලුවක් තියෙනවනම් මට කියන්න.. අහ්හ් අද ජන්කුකා ගෙ ෆය්නල් එක නේද.. ආයීශ්ශ් මේ මගුල නිසා මට ඒකත් බලන්න බැරි උනා.."