දොර අරිනවත් එක්කම දොර ලගට වෙලා බලන් හිටපු කෙනාව දැකලා හාරූ පුදුම උනා.. මොකද එයාව මෙහෙම බලාපොරොත්තු නොවුන නිසා...
"හාරූ...."
"ඔ-ඔප්ප...
"යමු..."
"අහ්..?... කොහෙද යන්නේ ඔප්පා...
"එන්න.. "
ජින් හාරූව අතින් අල්ලගෙන පහලට ගියා.. ඒ වෙලාවෙ කට්ටියගෙ අවදානෙ තිබ්බේ නම්ජුන් සහ එයාගෙ පෙම්වතියට... ජින් ඔම්මට කිව්වා එයා හාරූව ගෙදරට දාන්න යනවා කියලා... හාරූට ඔම්මගෙන් විතරයි ඒ වෙලාවෙ සමුගන්න පුලුවන් උනේ.. මොකද හැමෝටම කිය කිය හිටියොත් අනිත් අය බලයි ඇයි ජින්ම හාරූව ඇරලවන්න යන්නෙ කියලා..
ගෙදරින් එලියට ආවත් හාරූගෙ හිත තිබ්බෙම ජින් කොහෙද තමන්ව මේ එක්කන් යන්න හදන්නේ ඇයි මෙහෙම එයා හැසිරෙන්නෙ කියන එක...
ජින් කාර් එකේ දොර ඇරලා හාරූට ඉදගන්න දීලා එයා එහා පැත්තෙන් ගිහින් වාඩි උනා... ජින් ඩ්රයිව් කරන් ගියා... එයා දිගටම ගියා කිසිම කතාවක් නැතුවම... ඒ නිහඩතාවය බිදමින් හාරූ එයාගෙ හඩ අවදි කලා...
"ඔප්පා... අපි කොහෙද මේ යන්නේ... අනික දැන් ගොඩක් රෑ වෙලානේ.."
"හ්ම්ම්... ඔයා බයද.."
"අහ්? ඇයි මම බය වෙන්නේ..."
හාරූ පන්ඩිතයා වගේ කියලා ජින්ටත් ගස්සගෙන අයේ ඉස්සරහ බලන් ගියා..
"හාරූ... "
"ම්ම්...."
"මම යන එකට ඔයා මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ..?"
ඒ වෙලාවෙනම් හාරූගෙ හිත රත් වෙලා ගියා... අයෙත් වේදනාව ඇති උනා.. ඒ මොහොතෙම එයා ජින් දිහා බැලුවා... එයාට කියන්න ඔනේ ඔව් කියලා උනත් එයා_
"නැහැ ඔප්පා.. ඔයා ඔයාගෙ ගමන යන්න ඔනේ... මං ගැන හිතන්න ඕනෙ නෑ ඔප්පා.."
"ම්ම්..
අපි තැනට ආවා.."