University එකෙන් එලියට ආව ටේ, කාර් එකට නැග්ගේ සූයාව බලන්න යන්න වුනත් ටේ ගෙ හියුන්ග් ගෙන් කෝල් එකක් ආපු නිසා හියුන්ග් ව හම්බෙන්න ගියා...
Kim Namjoon
ටේ ගෙ එකම සහෝදරයා වගේම හොද businessman කෙනෙක්..
@ Apartment
Suuya-" හාරූ... අපි යමුකො කොහෙහරි , කම්මැලී බං "
Haa ru-" ඔව් මටත් කම්මැලී... බඩත්ගීනී කොහෙහරි ගිහින් කාලත් එමූ "
දෙන්නම සෝෆා එක උඩට වෙලා කියව කියව ඉඳලා එලියට යන්න ලෑස්ති වුනා...
සූයායි හාරූයි බස් එකට නැගලා restaurant එකකට ආවා.. ඩබලටම ඒ වෙලේ නම් තිබ්බේ ලොකු බඩගින්නක්... ටිකකින් දෙන්නම කෑම කාලා ඉවර වෙලා යන්න යද්දිම restaurant එක අතුලෙම හුරුපුරුදු කටහඩක් ඇහුණා සූයාට.Haa ru-" කාවද බං හොයන්නේ?"
Suuya-" ආහ්..මේ.. නෑ මට කටහඩක් ඇහුණා "
Haa ru-" කාගෙද ? "
Suuya-" නෑ නෑ අපි යමු "
දෙන්නා ආයෙ යන්න යද්දිම අර හුරුපුරුදු කටහඩේ අයිතිකාරයා සූයාගෙ අතින් අල්ල ගත්තා.. සූයා වගේම හාරූ ත් එකපාර ඒ කවුද කියලා බලන්න පිටිපස්ස හැරුනා..
Haa ru/ Suuya-" ටේ ඔප්පා! 😮"
Taehyung-" කොහෙද යන්නෙ මේ දෙන්නා "
Suuya-" ආහ්.. මේ..අපි කන්න කියලා ආවා මේ...නිකන්... අද නිවාඩුනේ "
සූයා පටලෝ පටලෝ කියවනවා... තාම ටේ සූයා ගෙ අතින් අල්ලගෙන.
Haa ru-" අපි මේ එලියට ආව ඔප්පේ.."
හාරූ ඉක්මනට උත්තර දුන්නා..
Taehyung-" හ්ම්.. දැන් ගෙදරද යන්නේ...? "
Haa ru-" ඔව් ඔප්පේ.."
Taehyung-" එන්න මං ඇරලවන්නම්.."
Haa ru-" කරදර වෙන්න එපා ඔප්පේ.. අපි බස් එකේ යන්නම්"
Taehyung-" අය්ගෝ.. ඕක මොන කරදරයක්ද... නේද සූයා 😉"
සූයා මනෝ ලෝකෙ ඉඳන් එකපාරට සැබෑ ලොකෙට ආවේ ටේ එයාගේ නම කියද්දී..
Suuya-" අහ්.. ඔව් නේ "
Taehyung-" ඒකනේ.. යමු එහෙනම් "
දෙන්නත් එක්ක ටේ කතාවක් දාගෙනම apartment එකට ආවා
Haa ru-" කුමාවෝ ඔප්පේ "
හාරූ ටේ ට කතා කරලා ඉක්මනට ඇතුලට ගියේ ටේ සහ සූයව තනි කරලා
Taehyung-" සූයා.."
ටේ සූයාගෙ අතට ටේ ගෙ phone එක දුන්නා... සූයා ටේ දිහා බලන් ඉන්නවා පුදුමෙන්
Suuya-" ඇයි ඔප්පෙ මේ..?"
සුයා පුදුමෙන් ඇහැවා
Taehyung-" ඔයාගෙ number එක සේව් කරලා දෙන්නකො 😊"
ටේ එකනම් හරිම අහිංසක විදියට කිව්වා..
Suuya-" අහ් හරි ඔප්පෙ "
සූයා ටේ ගෙ ෆෝන් එකේ එයාගෙ නම්බර් එක සේව් කරලා ටේ ගෙ අතට දුන්නා
Taehyung-" සූයා.. පරිස්සමට යන්න "
Suuya-" හරී.. ඔයත් පරිස්සමින් ඔප්පේ 😊"
ටේ කාර් එකට නැගලා ඩ්‍රයිව් කරන්න යද්දිම ආයෙත් කාර් එකේ වීදුරුව පහත් කලා
Taehyung-" හෙට වෙලාවට එන්න...😁"
ටේ හිනා වෙලා කිව්වා..
සූයාත් ටේ දිහා බලලා ඔළුව වැනුවා... සූයා බලන් හිටියා ටේ යනකම්, ඊට පස්සෙ කෙල්ලත් ඇතුලට ගියා...
____________________________________
ඊලග කොටසින් නැවත හමුවෙමූ 😘❤
Comment,vote එකක් දාන්න අමතක කරන්න එපා 😉💞
ආ මං තව දෙයක් කියන්න ඔනේ... මං හිතන් ඉන්නේ මේක දිග එකක් විදියට ලියන්න... ඉක්මනට ඉවර කරන්න අදහසක් නම් නෑ...
ඉතින් ඔයාලා දිගටම මේක කියවන්න හොදේ 😳💖
මේ තාම කතාවෙ මුල 😉බා.....යී.... 💋💞