ටිකෙන් ටික තොල් බෙල්ල ලගට ලං උනේ හාරූගෙ කෙදිරිලි ගෑමත් එක්ක... බෙල්ලෙ සියුම් තැන් සිප ගනිමින් ආදරනීය සටහන් තියන්න ජින් අමතක කලේ නෑ... ටිකෙන් ටික තොල් උරහිස් දිගේ පපුවට ආවේ හාරූව ලැජ්ජාවෙන් පෙගිල යද්දි...
⏳⏳⏳⏳⏳
වාහනේම ඒ දෙන්නගෙ කෙදිරිලි ගෑම් නිසා පිරිලා ගියේ හාරූ නොහිතපු වෙලාවක නොහිතපු විදියට තමන්ව ජින්ට අයිති කරලා.. වේදනාවෙන් මිරිකුනු යටිකය නිසාම හාරූ හිටියේ දෑස් පියාගෙන... ජින් ට මහන්සියක් දැනුනත් ඔහු ඇය ගැන මුලින්ම සිතන්න ගත්තේ මේ ගෙවුනු හෝරා කිහිපය තුල ඔවුන්ගේ හැසිරීම් ජින් ට වගේම හාරුගෙත් ප්රතමය නිසා...
කලින් මේ වගේ වින්දනයක් නොලබපු හාරූ ටිකක් විතර බයකිනුත් හිටියා.. හාරූව කෙලින් කරලා ඉන්දවපු ජින්.. වැටිලා තිබ්බ ඇදුම් ටික හාරූට අදින්න උදව් කලා... ලැජ්ජාවක් දැනුනත් දැන් නම් එහෙම හැගීමක් දැනෙන් නෑ.. මොකද තව හංගන්නවත් නොදී ඉන්නවත් දෙයක් ඉතිරි වෙලා නැති නිසා... දෙන්නම ඇදුම් ඇද ගෙන කාර් එකෙන් බැස්සේ උමතුවෙන් ගෙවුන කාලයේ විඩාව නැති කර ගන්න...
අහස ටිකෙන් ටික එලිය වේගෙන එනවා... සීතල සුලන් ඔවුන්ව ස්පර්ශ කරමින් හමාගෙන යනවා... කාර් එකට හේත්තු වෙලා ඈත මුහුද දිහා බලන් දිග හුස්මක් පිට කරපු හාරූ ලගට ජින් ඇවිත් එයා ලගින්ම හිටියා..
"ඔප්පා..."
"ම්ම්ම්.."
"ඔයා මට ආදරෙයි ද..?"
"හ්ම්ම්... ඔව් ආදරෙයි ගොඩක්"
"යන්න... මටත් නොපෙනෙන්න මගෙන් ඈතට... ඔයාගෙ හීනෙට.. ඔයා යන්න... මං අමතක කරන් නෑ ඔයාව... "
"......"
"දවසක මට ඔයාව හම්බ උනොත්.."
"එතකොට?"
"මම ඔයා ලග නතර වෙනවා ඔප්පා.."
ඈත මුහුද දිහා බලන් මෙච්චර වෙලා කතා කරපු ජින්ගෙ ඇස් වලට කදුලු එන්න වැඩි වෙලාවක් ගියේ නෑ... ජින්ට තව කතා කරන්න, එයාව වැලද ගන්න ඕනෙ උනත් එයා ඒක කලේ නෑ..