Suuya-" ජින් ඔප්පේ.. අනේ ඔප්පට සිහිය එයි නේද.. එයාලා තාම මොකුත් කියන් නෑ නේ.."
Jin-" සූයා... හරී හරී... කෝ අඩන එක නවත්තන්න... හැමදේම හොදින් වෙයී.. අපි බලන් ඉමු ම්ම්..කෝ අඩන එක නවත්තන්න.."
Jin Pov
මම හාරූගෙ ගෙදර ඉඳන් එන ගමන් ඉද්දි මට කෝල් එකක් ආවා ජන්කුක් ගෙන්... එයා මට කිව්වා ටේ accident වෙලා කියලා... එච්චයි එයාට කෝල් එකෙන් කියන්න පුළුවන් උනේ.. මං ඉක්මනට hospital එකට ආවා.. මං hospital එක ඇතුලට ආවම දැක්කා ජිමින් ඉන්නවා.. ජිමින් මට විස්තරේ කියන ගමන්ම එතනට එක්කන් ගියා... ටේ කාර් එකෙදි නෙමෙ accident වෙලා තියෙන්නෙ එයා පාර පනින්න යද්දි.. එකත් uni එකට ටිකක් ළඟ පාරක.. මං ආව ගමන් සූයා මාව දැකලා දුවගෙන ආවා.. පව් කෙල්ල මාව බදාගෙන හොඳටම අඩනවා.. කෙල්ල හිටියෙ ටේ ගෙ ගෙදර නම් ඇයි ටේ uni එකේ හිටියෙ.. ම්ම් පස්සෙ හිමීට අහගන්නවා.. ටේ ට සනීප වෙයි.. ලේ හුඟක් ගිහින් කියලා operation එකකට ගන්නවා කියලා..
Jk-" doctor... කොහොමද එයාට.."
ඒ රූම් එක ඇතුලෙන් ඩොක්ටර්ස්ලයි නර්ස්ලයි ආවා... අපි කට්ටියම එතනට ගියා..
Suuya-" කියන්නකෝ..."
Doc-" කලබල වෙන්න එපා.. පේශන්ට සැත්කම සාර්ථකව කලා අපි.. එත් එයාගෙන් හුඟක් ලේ ගිහින් නිසා අපිට එයාට ලේ දෙන්න උනා.. අපි ටිකක් බලන් ඉමු.. එයාට සිහිය එනකන් මොකුත් කියන්න බෑ... ඉවසන්න.."
ඩොක්ටර් එහෙම කියලා එතනින් යන්න ගියා.. සූයා දුවලා ගියා ඒ පැත්තට..
Suuya-" නර්ස්.. මට එයාව බලන්න පුළුවන් ද.. අනේ ප්ලීස්.. "
Ns-" ඔව් පුළුවන්.. හැබැයි පේශන්ට කරදර කරන්න එපා. එයාට විවේකය ඕනේ.."
Suuya-" හරී.. කෝමාවෝ.."
Jin-" ඇයී සූයා..."
Suuya-" ටේ ඔප්පව බලන්න පුළුවන් කිව්වා.. මං..මට යන්න ඔනේ..."
Jin-" අහ්..
මොකුත් කියන්නත් කලින් කෙල්ල දුවලා ඉවරයි.. ටේ සූයට තියෙන ආදරේ දැක්කට සූයගෙ හිතේ ටේ ගැන ආදරේ දැක්කේ දැන්...