Chapter 31

119 11 7
                                    

"Happy birthday to youuuuu
Happy birthday to youuuuuu
Happy birthday dear jiminahhh
Happy birthday tooo youuuuuu"

හැමෝම අත්පුඩි ගැහැවා.. ඒත් එක්කම ජිමින් කේක් එකේ ඉටි පන්දම නිව්වා... ඇත්තටම මේ වෙලේ ජිමින්ට හුගක් සතුටුයි... තමගෙ පවුලෙ  අය වගේම තමන් ලගින් ඉන්න සහෝදරයො යාලුවො ටික මෙහෙම එයත් එක්ක ඉන්න එක ගැන...එයාට මේ වෙලේ ලොකු අඩුවකට දැනුනේ අප්ප නැති එක.. එයාට හදිස්සි වැඩකට රටින් යන්න උනා...

ජිමින් කේක් එක කපලා ඔම්මටයි ජින් හියුන්ග් ටයි කවලා හෑමෝටම පිලිවෙලට කවන්න ගත්තා... ඉතින් එතන එකම 4ටෝ ශූට් එකක්... කේක් කවලා ඉවර උනාට පස්සේ කට්ටියම ගිහින් වාඩි උනා...

Jin-" ඔම්මා ඉන්න.. මාත් එන්නම්..."

කෑම ටික මේසෙට තියන්න ඔම්මට ජින් උදව් කලා.... ඒ වගේම මේ වෙලාවෙ ජින් ගෙ හිතේ ලොකු දෙයක් තිබ්බා...

Tae-" මැනික.. "

Jimin-" කියන්න.."

මේ වෙලේ ටේ ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ජිමින් හිතුවෙ ඒක එයාට කිව්වා කියලා... ජන්කුක් එක්ක ලොකු කතාවක හිටපු සූයටත් මේක ඇහිලා හිනා ගියා...

Tae-" යාහ්හ්හ්හ් මෝඩ ජිමිනා... මං කවද්ද ඔහේට මැනිකෙ කියලා කතා කරලා තියෙන්නේ අහ්... "

Jimin-" අහ්.. ඒක තමා මාත් බැලුවෙ.."

Tae-" මං කතා කලේ මගෙ සූ මැනිකට..."

Jimin-" හරි හරි බන් ඉතින්.. මේ තනිකඩ හිත් පාරන්න එපා බන්...
සූයා.... මේ ඔයාගෙ නාග මානික්‍ය කතා කරනවා...."

Tae-" අහ්හ්හ්හ්... "

ජිමින් කෑ ගහල කිව්වේ ලගම ඉන්න සූයා එහා ගෙදර ඉන්නවා කියලා හිතන් වගේ... සූයත් ලැජ්ජාවෙන්ම වගේ ජන්කුක් ට සමු දීලා ටේ ජිමින් ලගට ගියා... ජිමින් නම් සූයා ආව ගමන් එයාගෙ ආසනෙන් නැගිටලා ඒක සූයට දුන්නා...

Jimin-" මෙහෙ වරෙන් ජන්කුකා... අපි දෙන්නා මොනවහරි බඩට දා ගමු..."

ඒ දේට නම් එක පයින් කැමති උන ජන්කුක, ජිමින් එක්ක ගියා...














Mr.KimWhere stories live. Discover now