Author Pov
කාලය ඔහොම ගෙවිලා ගියා.. ටේ හොස්පිටල් එකෙන් ගෙදරට ආවා.. ඩොක්ටර්ස්ලා එයාට රෙස්ට් කරන්න කිව්වා ටිකක් දවස්.. තුවාල තාම හොඳටම සනීප නොවුනත් එයාට එයාගෙ වැඩ ටික තනියම කර ගන්න පුළුවන්.. ටේ ගෙදර තනියම නිසා එයාගෙ ඔම්මයි අප්පයි එහෙ නැවතුණා.. නම්ජුන් ඔප්පත් ටේ ගෙදර ආව දවසෙම කොරියාවට ආවා... නම්ජුන් ඔප්පගෙ පෙම්වතිය ඉන්නෙත් එයාලත් එක්ක..
ජන්කුක් ගෙ exam ඉවර උනාට පස්සෙ එයාලගෙ results එනකන් බලන් ඉන්නවා.. එයාට නම් ඉතින් ඒ කාලෙ තුල ජොබ් එකක් කරන්න නම් හිතක් නෑ.. හැමෝම වගේ කිව්වෙ නිකන් කාලෙ කනවට වඩා මොනවහරි කරන්න කියලා.. ඉතින් මේයා ඒ කීම අහලා බොක්සිං ක්ලාස් යන්න ගත්තා..
සූයා වගේම හාරූත් අයේ uni යන්න ගත්තෙ online clz නවත්තපු නිසා.. එයාලගෙ batch එකෙත් පළවෙනි exam එක ලං උනා.. ඉතින් මේ දවස් වල හුඟක් මහන්සි වෙනවා.... සූයාට ටේ ව මුනගැහෙන්න විදියක් නෑ.. ටේට ගෙදරින් එලියට යන්නත් බෑ සූයට ගෙදර යන්නත් බෑ.. දෙන්න කෝල් කරලා තමා ටිකක් හරි පාළුව නැති කර ගන්නෙ.. එත් ටේ වැඩිය කරදර කරන්නෙ නෑ සූයට විභාග නිසා..
ජින් නම් වැඩිය uni එන්නෙ නෑ... ජින්ගෙ subject එකටත් වෙන teacher කෙනෙක්ව දාලා.. හාරූට ඒ ගැන සැකයක් තිබ්බත් එයා ඒ ගැන එයාගෙන් අහන්න ගියේ නෑ.. එදා උනු සිදුවීමෙන් පස්සෙ හාරූට එයාට මූනදෙන්න හිතෙන් නෑ... එයාට දැනුණා තමන්ව ජින් මගහරින එක හොඳටම... ඒ සිදුවීම ගැන දන්නේ සූයා විතරයි.. සූයා හැමතිස්සෙම හාරූට හයියක් වෙලා හිටියා...
ටේ ගෙදර ඇවිත් දැන් සති දෙකක් වෙනවා..Suuya Pov
මමයි හාරූයි උදෙන්ම නැගිටලා uni ආවා... මට නම් පලවෙන් ලෙක්චර් එක වෙලෙ නින්දත් ගියා..
යාහ්හ්හ්හ් නිදිමතායී.....ළඟ හිටපු kakeru ට පාරකුත් ගහල මම මේසෙන් ඔළුව තියා ගත්තා... අයෙ ලෙක්චර්ස් වලට වෙලාව තියෙන නිසා...
Kakeru-" ඒ මේ... mr.kim ට කොහොමද දැන්.."
Suuya-" ආයීශ්ශ්... මම කොහොමද ඒක දන්නේ.."