Kim taehyung

246 55 20
                                    

Leehaa  pov 💕

" යූහි අයියෝ ඕක නංගිගෙ එක ලමයෝ.  යූවි  ඔය දෙන්න මොකද මේ මාරුකරගෙන."

මම ඇහුවේ  යූහියි යුවියි දෙන්නා   බෑග් එක පටලොලා දාගෙන නිසා.

"  අක්කායි මායි මාරු කරගත්තා."  යූහි හිනාවෙන ගමන් කිව්වා.

" ඕ  නංගි ගෙ එක බරයි ඔම්මා."

" ම්ම්ම්ම්  හරි හරි   ලෑස්තියි නේද?"

අපි ලෑස්ති වෙන්නෙ මේ  ඇමරිකා යන්න  නිවාඩුවකට කියලා  නිව්ස් වලට කිව්වත් නිවාඩුවක් නම් නෑ කියලා හොදටම දන්නවා මොකද  ටේට හැමවෙලේම බිස්නස් වැඩ.

" කෝ  අබෝජි?" යූවි ඇහුවේ මගෙ අතේ එල්ලෙන ගමන්.

"  අපි දෙන්නා ගිහින් බලලා එන්නම්."

මම කොහොමද බෑ කියන්නේ   ඒ දෙන්නාම ඉතින් දුවගෙන ගියා කාමරේට  ටිකකින්   ටේ ආවා.

" ටේ කෝ යූහියි යුවියි?" මම ඇහුවේ එක්කන්  එන්න  යවපු දෙන්නම නැති නිසා හිනාවෙවි.

" කොහෙ හරි ඇති   ඕක හිනාවෙන්න දෙයක් නෙමෙයි ."

එහෙම කියලා ටේ   ගිහින් එලියෙ තිබ්බ කාර් එකට නැග්ගා. ඊටපස්සෙ   ටිකකින් යූවියි යූහියි ආවා.

"  අබොජි මට ඉස්සරහා යන්න ඕනි."

" නැ අබොජි මට."

යුවියි යූහියි දෙන්නා රන්ඩු කරා.

"  දෙන්නම කටවහනව. එකෙක්වත් එන්න එපා මම ගාවට මොන කරුමයක්ද?" ටේ කන් දෙක වහගන්න ගමන් කිව්වා.

" ශ් ශ් ටේ"

" ඇයි ඔයා හැපින්නක්ද ශ් ශ් ගාන්නේ. තමුනුයි තමුන්ගේ  හැපිනි පැටව් දෙන්නත් එකයි."

ටේට  ඇයි මෙච්චර කේන්ති  මා එක්ක . මා එක්ක නම් කමක් නෑ ඒත් කිරි සුවදවත් ගිහින් නැති මේ ළමයි දෙන්නා එක්ක.

"යූවි යූහි අප්පාට තනියෙම යන්න ඔනිලු එන්න අපි වාඩිවෙමු පිටිපස්සෙන්."

ඊටපස්සෙ ඒ දෙන්නාම ඔලුව වනලා ගිහින්  පිටිපස්සෙන් නැග්ගා.

ප්ලේන් එකේ   vip    ටිකට් අරන් තිබ්බේ  ටේ  නිදහසේ යන්න ඕනි කියලා.  අපි  හතර දෙනා යන කොටසේ කවුරුවත් හිටියේ නම් නැ.

Always Love you (COMPLETED ☑️)Where stories live. Discover now