"පොඩි ප්‍රශ්නයක් ඔයාගෙ ඇත්ත නම මම එදා දැනගත්තෙත් මේකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහලා ඇයි ඔයා ඔයගෙ පොතට ලී මින්හි කියලා නොදා LHM කියලා දාන්නේ?"
"🙂මින්හි කියලා දාන්න බැරි නිසා මීසෝ. ඔයාට ඒක පස්සෙ තේරෙයි."
After week
මින්හි කතාව ටයිප් කරලා පුළුවන් ඉක්මනටම පබ්ලිශ් කරන්න දුන්නා.
මේ අතර කාලේදි ජන්කුක් මීසෝ එක්ක හුගාක්ම ෆිට් උනා.
Jungkook pov 💕
එදා ගෙදර හිටිය නපුරු කෙල්ලෙක් මීසෝ නම 😒. මහ ඇට්ටරයි. දැනුත් එහෙමයි තමයි ඉතින් ඒ උනාට අපිත් මිනිස්සුනේ හැගිම් දැනිම් එනවනේ 😌.
මීසෝ නූනා කෙනෙක් නම් තමයි . ඒත් එයා මාව දකිනකොට රතු වෙනවා. වචනත් ගොත ගැහෙනවා. වෙලාවකට රන්ඩු වෙන්නමයි බලන්නේ.
එදා මම කලින් ගෙදර ආවේ මින්හියි දෙන්නම ගෙදර ඇති නිසා අද.
" ආහ් මීසෝ කෝ මින්හී?"
"අහ් මේ එයා 🙄...."
" ඇයි?"
" එ එයා ඔෆිස් එකේනේ. අද එයට වැඩනෙ ."
" ඔහ් හෝ ඒ කියන්නෙ අපි දෙන්නා විතරයි ඉන්නෙ නේ..."
මම එයාව බය කරන්න කියන ගමන් එයා ගාවට ගියාම එයා පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් බිත්තියටයි මටයි හිර උනා.
"ආහ් ජන්කුක් අයින් වෙන්නකෝ."
"බෑ ම්ම්ම්ම්ම්."
" ගහනවා දෙකක් අදුරුවෙලාම යන්න."
" හාකො ඔයාටමයි පාඩු."
" ම්වෝ වල් හාවා."
එතකොටම බෙල් රින්ගින්ග් උනු නිසා මීසෝ මගෙ අත යටින් රිංගන්න හැදුවත් මම ඉක්මනටම අල්ලගත්තා.
" ඔයා යන්නෙ නැද්ද දැන් මෙහෙන්."
" යනකම්ද බලන් ඉන්නේ 🥺?"
"ඔව්නේ."
ඊටපස්සෙ එහෙමම ගිහින් කෙල්ල දොර ඇරියා මාත් පිටිපස්සෙන් ම ආවා.
දොර ගාව හිටිය කෙනා දැකලා මගෙ ඇස් උඩ ගියා.
මීසෝ නම් එතන හිටිය කෙනාවයි එයා එක්ක ආපු කෙල්ලවයි දෙන්නවම අස්සට ගත්තා. එයා තාම මාව දැක්කෙ නෑ 🙂.
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...