Minhi pov 💕
මායි මීසොයි මගෙ පරන ගෙදරට ආවා. හම්මෝ මේ ගෙදර පාලුවට ගිහින්...
යතුර අවුරුදු ගානකට කලින් තිබ්බ තැන තාම තියෙනවා. එතකොට මේ මොකක්ද ඒ මල් පොකුරක් නේද? ඒක තාම අලුත් වගේ කවුද තියලා තියෙන්නේ.
" ඔයාගෙ ෆෑන් කෙනෙක් වගේ " මීසෝ මල් පොකුර අරන් මට දිලා කිව්වා.
" ඒ වගේ " මම දොර ඇරගෙන ඇතුලට ගියා. අම්මාගෙන් තාත්තගෙන් ඈත් වුනාට පස්සෙ අවුරුදු දෙකක් මම මෙතන හිටියා . අම්මායි තාත්තයි ඕස්ට්‍රේලියා ගියා.
ඒ එක්කම මල් පොකුරේ තිබිලා මට හම්බුනා පොඩි කොල කෑල්ලක්.
" ඔයාට මේව හම්බවෙන්නෙ නෑ මින්හී ඒත් මම ඇමරිකා යනවා ගිහින් එන්නම් ඔයාගේ ටේට තාමත් ඔයව මතක් වෙනවා ....
ඔයාගෙ යාලුවා
ටේ""ටේ කිම් ටේහියුන්ග් ?"මීසෝ ඇහුවා.
" අහ් ඔ හ්ම් " මම මල් පොකුරත් අරගෙන ගේ අස්සට ගියා. මීසොත් ආවා.
" හපොයි දුවිලි හාචින්."
" ඒයි මෝඩයා බොරු කියන්න එපා අවුරුදු ගානක් තිබ්බට මේකෙ දුවිලි නෑ මටත් පුදුමයි."
අවුරුදු දහයකට වගෙ කිට්ටු වෙන්න වහල තිබ්බ ගේ තාම දුවිලි බිඳක් නෑනේ. හොල්මන් ගෙයක්වත්ද?
මම එහෙමම මගෙ කාමරේට ගියා,මීසොත් පස්සෙන් ආවා .
" වාව් මේ කවුද ?" මීසෝ ඇහුවෙ මගෙ කාමරේ මෙසෙ උඩ තිබුනු පොටෝ එකක් පෙන්නලා.
" මට මෙයාව දැකලා හුරුයි වගේනේ කවුද මින්හි මේ?"
"ඔය ඉන්නේ ටේයි ජිමිනුයි ටීයුයි හියුන්මියි."
" ඔහ් එයාලා හරි ලස්සනයි ජිමින් කියුට්."
" හා හා ජිමින්ට කෙනෙක් ඉන්නවා හොදේ. එයා දැන් මැරි කරලා."
" හෑ?".
" ආරංචි විදිහට, ඔයාට තව දෙයක් කියන්නම් එහා ගෙදර ඉන්නෙ ජිමින් ටීයු....ජිමිනුයි ටීයුයි මැරි කලා."
" ඔහ් ඒක ලොකු ගෙයක්නේ. එතකොට එහා පැත්තේ ගේ?"
" ඒක ඒක ටේගේ."
YOU ARE READING
Always Love you (COMPLETED ☑️)
Fanfictionඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත් මේ වගෙ එකක් උනොත් ඔයා තොරගන්නෙ නැතුව ඉන්නෙ නැනෙ ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව. මම එයාට තාමත් ආදරේයි. ඒත්...