1- Why Me?

4.7K 452 123
                                    

ජොන් ජන්කුක් උදේ 7:30 වෙද්දී යුනිවර්සිටි එකේ ගේට් එක ලග හිටගෙන හිටියා... සාමාන්‍යෙන් ස්ටුඩන්ට්ල එන්න පටන් ගන්නේ 7:45 ත් 8ත් අතර නිසා ජන්කුක් ඒ හැමෝටම කලින් යුනිවර්සිටි ඇවිත් කාගෙවත් අවධානය නොලැබෙන විදියට ක්ලාස් රූම් එකට ගිහින් ඉදගෙන ඉන්න පුරුදු වෙලා හිටියා... ඔහ් ඒකට හේතුවක් තිබුනා...

ඉංජිනියර් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් බ්‍රයිට් ස්ටුඩන්ට් කෙනෙක් වුන ජන්කුක් සයිඩ් බෑග් එක දාගෙන, අතේ තිබ්බ math book එක ඇගිලි වලින් තද කරලා, පපුවට තුරුලු කරගෙන නහය මැද තිබ්බ ස්පෙක්ස් දෙක ඇගිල්ලෙන් උඩට කරලා හදාගෙන වටපිට බලලා එහෙමම ගේට් එකෙන් ඇතුලට ගියා...

ලොකර් රූම් එකට යන කොරිඩෝ එකට හැරුන ගමන් බර අඩි සද්ද ඇහෙන්න ගත්තම ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.. යටිතොල තදින් හපාගෙන ජන්කුක් ඇස් වහලා හොද හුස්මක් අරගෙන ඉක්මනට කොරිඩෝ එක් දිගේ දුවගෙන වගේ ගියා...

පක් ජිමින්, ජන්කුක්ට හිටිය එකම හොදම යාලුවා, අද ගෙදර අය එක්ක බූසාන් ගිය නිසා යුනිවර්සිටි ආවේ නෑ... ඒ කියන්නේ ජන්කුක්ව සීනියර් කරදරකාරයන් ගෙන් බේරගන්න අද කවුරුත් නෑ... ජිමින් හිටියා කියලත් ජන්කුක්ව බේරගන්න පුලුවන් කමක් තිබුනේ නෑ... ජන්කුක්ගේ මුලු ඇගම සීතල වුනා...

ජන්කුක් යුනිවර්සිටි එකට ආවේ Scholarship එකකින් නිසා ජන්කුක්ට යුනිවර්සිටි එක ඇතුලේ ගොඩක් bullying ඇති වුනා... Bullying වලට විශේෂම හේතුව ජන්කුක් අනාතයෙක් නිසා... ජන්කුක්ට පවුලේ කවුරුත් හිටියේ නෑ... ජන්කුක්ට අවුරුදු 5දී කවුරුහරි කෙනෙක් ජන්කුක්ව බූසාන් වල අනාත නිවාසෙකට බාර දුන්නා කියලා ජන්කුක්ට පොඩි මතකයක් තිබුනා... ඒත් ඒ කවුද? මොන වගේ කෙනෙක්ද කියලා ජන්කුක්ට පොඩිවත් මතකයක් තිබුනේ නෑ...

අඩි සද්ද කන ලගින්ම වගේ ඇහෙන්න ගත්ත නිසා ජන්කුක් ඉක්මනට ලොකර් රූම් එකට දුවගෙන ගියා... ලොකර් රූම් එක ඇතුලට ගිහින් ජන්කුක් පපුවට අත තියාගෙන පිටිපස්සට හැරිලා බැලුවා... කවුරුත් හිටියේ නැති නිසා ජන්කුක් තමන්ට අයිති ලොකර් එක ලගට ගිහින් හිට ගත්තා... ඩෙනිම් කලිසමේ සාක්කුවට අතදාලා කී එක ගන්න හැදුවත් ලොකර් එකේ ලොක් එක කඩලා තිබුනා...

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now