"ම්හ්හ්හ්" ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලෙන් තද කරලා අල්ලගෙන හිටියා... ජන්කුක් අත උස්සලා ටේහ්‍යොන්ග්ගේ අතට පාරක් ගැහුවා... ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක්ගේ බෙල්ලයි, තොලුයි අත ඇරියා... "අහ්හ්හ්" ජන්කුක් හිර කරගෙන හිටිය හුස්ම පිට කරා...
"මට සමාවෙන්න කූ ඔහ්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉදිමුන තොල් දෙක මාපට ඇගිල්ලෙන් අතගෑවා... "ඇත්තටම මොකද්ද ප්‍රශ්නේ ටේහ්‍යොන්ග්, ඔයා අද වෙනස්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ ඇස්දෙක අදුරු වෙලා තිබුනා...
"කූ මට ඕන නෑ සිංගපූ' යන්න, මට ඕන මෙහේ ඉන්න ඔයා එක්ක" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක්ගේ කම්මුල් රෝසපාට වුනා... "තව සති දෙකක් තියෙනවා ටේහ්‍යොන්ග්, ඉට්ස් ඕකේ" ජන්කුක් ඉක්මනට බිම බලාගත්තා... "අහන්න කූ, ඇත්තමයි, හිතුනොත් මම ආයේ ඇමෙරිකා යනවා, ඔයාවත් එක්කගෙන" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එකෙන් ඇල්ලුවා...
"ඇත්තටම?" ජන්කුක් ඇස් බෝල ලොකු කරගෙන ඇහුවා... "ෆකින් කියුට්" ටේහ්‍යොන්ග් ජන්කුක්ව ඈත් කරලා, චීස් කේක් එකක් අතට ගත්තා... "මට බඩගිනී, මම අද දවසම කෑවේ නෑ" ටේහ්‍යොන්ග් මුලු කේක් කෑල්ලම එකපාර කට ඇතුලට දාගත්තා... ජන්කුක් බලාගෙන හිටියා... ජන්කුක් හැරිලා අනිත් කේක් කෑල්ලත් ගත්තා... "මේකත් කන්න, ඔයාට මහන්සි පාටයි" ජන්කුක් හිනාවෙලා කේක් කෑල්ල ටේහ්‍යොන්ග්ගේ කටට ලංකරා...
"ක්ම්මමක් නන්නැද්ද?" ටේහ්‍යොන්ග් කේක් කෑල්ල කටේ පුරවගෙන ඇහුවම ජන්කුක් හිනාවුනා... "කමක් නෑ ඕක කාලා ඉන්නකෝ" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිම්බුන කම්මුලක් රෝසපාට ඇගිලි තුඩු වලින් අතගෑවා... ටේහ්‍යොන්ග් ඉක්මනට කේක් කෑල්ල ඉවර කරලා, ජන්කුක්ගේ අතේ මැණික් කටුව ලගින් අල්ලගෙන ජන්කුක්ගේ ඇගිලි එක්කම කේක් කෑල්ල කට ඇතුලට දාගත්තා... ජන්කුක් හිනාවුනා...
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇගිලි එලියට අරන් කේක් කෑල්ල ඉක්මනට කෑවා... "කූ කලබල වෙන්න එපා ඕකේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කේක් ගෑවුන ඇගිලි ටික කට ඇතුලට දාගත්තා... ජන්කුක්ගේ ඇග ගැස්සුනා... ටේහ්‍යොන්ග්ගේ කට ඇතුලේ රස්නෙට, ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන ජන්කුක්ගේ ඇගිල්ලෙන් ඇගිල්ල කට ඇතුලට අරගෙන චීස් ලික් කරා... ජන්කුක් යටිතොල වේගෙන් හැපුවා...
STAI LEGGENDO
the nerdy AND the handsome ||vkook||
FanfictionBullied boy falls in love with the most popular, handsome boy in the university.. Taekook