10- 'Sparkling' kiss

1.4K 401 66
                                    

ජන්කුක්ගේ තොල් දෙක හොදටම ගැහෙන්න ගත්තා... ජන්කුක්ගේ ඇග ඊට වඩා ගැහෙන්න ගත්තා... ටේහ්‍යොන්ග් තමන්ගේ මූණට කොයි තරම් ලං වෙලාද කියලා ජන්කුක්ට හිතා ගන්නත් බැරි වුනා...

ජන්කුක්ගේ හුස්ම හිර වෙනවා වගේ දැනුනම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කකුල තවත් තදින් අල්ල ගත්තා... ජන්කුක්ගේ ඇස් තවමත් තිබුනේ ටේහ්‍යොන්ග්ගේ තොල් මත, ටේහ්‍යොන්ග් ඒක දැක්කා... ටේහ්‍යොන්ග් අමුතු විදියට හිනාවුනා...

ජන්කුක් Straight කියලා කටින් කිව්වට, ජන්කුක්ගේ ඇග කියන්නේ වෙනම කතාවක්.. ටේහ්‍යොන්ග් බෙල්ල ඇල කරලා ජන්කුක්ගේ කනට ලං වුනා... ජන්කුක්ගේ ඇගිලි තවත් තද වෙනවා ටේහ්‍යොන්ග්ගේ කකුලට දැනුනා...

"එහෙනම් ඔයා straight?" ජන්කුක් ඔලුව වැනුවා... "ඒත් එහෙම වෙන්න බෑ"

"ඇ-ඇයි" ජන්කුක්ගේ මුලු ඇගම සීතල වුනා... ටේහ්‍යොන්ග්ගේ තොල් කන් පෙති වල ගෑවෙනවා ජන්කුක්ට දැනුනා... ජන්කුක් නියපොතු වලින් ටේහ්‍යොන්ග්ගේ කකුල මිරිකුවා... "බිකෝස්"

"Your body language speak to me professor jeon" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනා වෙලා ජන්කුක් කන් පෙත්තක් පෙක් කරලා ඔලුව කෙලින් කරා...

"අහ්හ්ග්ග්ග්" ජන්කුක් හිර කරගෙන හිටිය හුස්ම පිට කරලා පපුවට අත තියාගෙන වේගෙන් හුස්ම ගත්තා...

"කාම් ඩවුන් ජන්කුක්" ටේහ්‍යොන්ග් පිටිපස්සට වෙලා පුටුවට හේත්තු වුනා... ජන්කුක් දැන් හරියටම දැක්කා අත තියෙන්නේ කොහෙද කියලා... ජන්කුක් ඉක්මනට අත ඇදලා ගත්තා... ජන්කුක්ගේ නළල දෙපැත්තෙන් දාඩිය බිංදු ගලාගෙන ගියා... "සෝ දැන් මට හරියට උත්තරයක් දෙන්න ජන්කුක්" ටේහ්‍යොන්ග් කොෆී කප් එක ලගට ගත්තා...

"GAY? OR STRAIGHT?"

"අහ් මම දන්නේ නෑ" ජන්කුක් බිම බලාගත්තා... ජන්කුක්ගේ තොල් තවමත් ගැහෙනවා... ටේහ්‍යොන්ග් කොෆී එකෙන් උගුරක් බීලා ආයේ ජන්කුක්ගේ පැත්තට හැරුනා...

"ජන්කුක්" ජන්කුක් බිම බලාගෙනම හිටියා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස මිරිකුවා... ඔහ් ටේහ්‍යොන්ග්ගේ අත තාමත් ජන්කුක්ගේ උරහිස වටේ.. "ඔලුව උස්සන්න" ජන්කුක් ඔලුව උස්සලා බැලුවා...

the nerdy AND the handsome  ||vkook||Où les histoires vivent. Découvrez maintenant