5- I Am Here

1.5K 414 45
                                    

-Espresso 9 Cafe-

ජන්කුක් හොද හුස්මක් අරගෙන ජැකට් එකේ පොකට් එක ඇතුලේ තිබුන අත්දෙක එලියට අරගෙන කැෆේ එකේ දොර ඇරගෙන ඇතුලට ගියා... වෙලාව හවස 3 නිසා කැෆේ එකේ වැඩි සෙනගක් හිටියේ නෑ...

"හායි ජන්කුක්" කැෆේ එකේ ඕනර් කිම් සොක්ජින් කැශියර් එකේ ඉදන් ජන්කුක්ට අත වැනුවා... ජන්කුක් හිනාවෙලා අත වනාගෙන ජින් ලගට ගියා... "කොහොමද Kiddo" ජින් ජන්කුක්ගේ කොණ්ඩේ අවුල් කරා... "අහ් හ්‍යොන්ග්" ජන්කුක් තොල්දෙක උල් කරලා ජින් අවුල් කරපු කොණ්ඩේ හදා ගත්තා... ජින් ජන්කුක්ගේ මූණ දිහා හොදට බැලුවා...

"ඇයි?! ඇයි අදත් තොල තුවාල වෙලා" ජින් කස්ටමගේ ඉතුරු සල්ලි දීලා ඉක්මනට කැශියර් එකෙන් එලියට දුවගෙන ආවා... "ජන්කුක්" ජින් ජන්කුක්ගේ උරහිස් වලින් අත් තිබ්බා... ජන්කුක් ඇඹරුනා...

ජන්කුක් ඇත්තටම කැමති නෑ කවුරුත් තමන්ව අල්ලනවට, ඇත්තටම ජින් ජන්කුක්ට තමන්ගෙම මම් වගේ... ඒත් සමහර වෙලාවට ජන්කුක් ඒකට කැමති නෑ... ජින් ජන්කුක්ට ගොඩක් ආදරෙයි... ජින්ට ජන්කුක් තමන්ගෙම ලමයෙක් වගේ... ජන්කුක් ඇත්තටම ජින්ට ගොඩක් ආදරෙයි... ඒත් ජින් වුනත් ඕනවට වඩා අනුකම්පා කරනකොට ජන්කුක්ට ලොකු අපහසුවක්, ලැජ්ජාවක්, දුකක් දැනුනා...

"ජ්-ජින් හ්‍යොන්ග් ඇත්තමයි-"

"මට කියන්න එපා සපත්තුවේ ලේස එක පැටලිලා අදත් ඇදගෙන වැටුනා කියලා" ජින් ජන්කුක්ගේ උරහිස් වලින් අල්ලලා හයියෙන් හෙලෙව්වා... "හ්-හ්‍යොන්ග් නෑ අහන්න, අද මම ඇත්තටම ඇ-ඇත්තටම මගේ ක්ලාස්මේට් කෙනෙක් එක්ක රණ්ඩු වුනා" ජන්කුක් කියලා ඉක්මනට බිම බලා ගත්තා... ඇත්තටම ජන්කුක්ට බොරු කරන්න අමාරු වුනා... ජන්කුක් බොරු කියනකොට ජන්කුක්ගේ කන් දෙක රතුපාට වෙනවා... ඒක ජන්කුක් දැනගෙන හිටියේ නෑ...

"ඔහ් ඔයා! ජොන් ජන්කුක් රණ්ඩු කරා" ජින් සද්දෙන් ඇහුවම ජන්කුක් ජින්ගේ අත්දෙක අයින් කරලා, ඔලුව උස්සලා හිනාවුනා...

"ජින් හ්‍යොන්ග්, මට යන්න දෙන්න වැඩ පටන් ගන්න ඕන" ජන්කුක් ඉක්මනට ජින්ව පාස් කරගෙන කැෆේ එකේ කිචන් එක පැත්තට ගියා... ජින් ඉනට අත්දෙක තියාගෙන හැරිනා... "යාආආ!" ජන්කුක් හිනාවෙලා ඇහෙන්නේ නෑ වගේ ඇතුලට ගියා... "අද 9 වෙනකන් ඔයාට වැඩ කරන්න මම දෙන්නේ නෑ! 7 ට ගෙදර යනවා! ගිහින් පාඩම් කරලා ඉක්මනට නිදා ගන්නවා! ඔයාට මහන්සි පාටයි" ජින් අන්තිම ටික හිමින් කියලා බර හුස්මක් පහත දැම්මා...

the nerdy AND the handsome  ||vkook||Onde histórias criam vida. Descubra agora