ටේහ්‍යොන්ග් ජන්කුක්ව උස්සගෙන ලොකර් රූම් එකෙන් එලියට ආවා... ජන්කුක්ගේ මුලු ඇගම ගැහෙමින් තිබුනා... ටේහ්‍යොන්ග්ගේ පපුවට, අත් දෙකට ඒක හොදටම දැනුනා... ජන්කුක් හයියෙන් ඉකිගහන්න ගත්තම ටේහ්‍යොන්ග් එහෙමම ජන්කුක්ව උස්සගෙන කොරිඩෝ එක දිගේ ගිහින් මේන්හෝල් එක පැත්තට ගියා...
වෙලාව උදේ 8 විතර වෙලා තිබුන නිසා, යුනිවර්සිටි එක ඇතුලේ ස්ටුඩන්ට්ල කලබලෙන් එහාට මෙහාට යන ගමන් හිටියා... ඒත් යුනිවර්සිටි එකේ Most popular, Handsome Boy යුනිවර්සිටි එකේ Nerdy Boy ව උස්සගෙන යනවා දැක්කම ලෙක්චර්ස් වලට පරක්කු වෙලා දුවන ගමන් හිටිය ගර්ල්ස්ලා පවා නැවතිලා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා...
ජන්කුක්ගේ ඇගිලි වලට ටේහ්‍යොන්ග් ශර්ට් එක ගුලි වෙලා තිබුනා... ජන්කුක් ඇත්තටම බයවෙලා හිටියා, මගක් දුරට ගිහින් ටේහ්‍යොන්ග් බිමට අත ඇරලා දායි කියලා... මොකද ජන්කුක් විස්වාස කරන්න ඇත්තටම බයවුනා... ජන්කුක්ට තිබුන අත්දැකීම් නිසා... කවදාවත්ම කවුරුත් මේ වගේ හොදින් සලකලා තිබුනේ නැති නිසා...
ඒත් ටේහ්‍යොන්ග්ගේ වෙනසක් තිබුනා...
සික් රූම් එකට ගිහින් ටේහ්‍යොන්ග් ජන්කුක්ව සුදුපාට බෙඩ් ශීට් දාලා තිබුන ඇදක් උඩින් පරිස්සමට තිබ්බා... "ශ්ශ් ජන්කුක්, ඔක්කොම හරි දැන් අඩන්න එපා ඕකේ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ස්පෙක්ස් දෙක අයින් කරලා සිනිදු කම්මුල අතගෑවා... ජන්කුක්ගේ ලොකු බෝල අහිංසක ඇස් දිහා ටේහ්‍යොන්ග් බැලුවා... ජන්කුක්ගේ ඇස් ලස්සනයි, ජන්කුක්ගේ දිග ඇස් පිහාටු කදුලු වලින් පෙගිලා තිබුනා... තවමත් ජන්කුක්ගේ ඇග ගැහෙමින් තිබුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කම්මුල මත ඇගිල්ලක් තිබ්බා...
ජන්කුක් එහෙමම සිවිලිම දිහා බලාගෙන හිටියා... ඒත් ටේහ්‍යොන්ග්ගේ සීතල ඇගිල්ල ජන්කුක්ගේ කම්මුලට හොදටම දැනුනා... ජන්කුක්ට හෙලවෙන්නවත් ඕනකමක් තිබුනේ නෑ... ජන්කුක්ට ලැජ්ජාවක් දැනුනා...
Pathetic!! එහෙම නෙමෙයිද? මෙච්චර කල් ජන්කුක්ට මේ Bullying වලින් වේදනාවක් ඇරුනම වෙන කිසිම දෙයක් දැනුනේ නෑ... ඒත් දැන් ටේහ්‍යොන්ග් ඉස්සරහා මේ විදියට ඉන්නකොට ජන්කුක්ට ලැජ්ජාවක් දැනුනා...
YOU ARE READING
the nerdy AND the handsome ||vkook||
FanfictionBullied boy falls in love with the most popular, handsome boy in the university.. Taekook