32- Did you even love me

1.8K 360 115
                                    

මුලු ගෙදරම දරාගන්න බැරි සීතලක් දැනුනා... මුලු ගෙදරම හිස් බවක් දැනුනා... ටේහ්‍යොන්ග්, ජන්කුක්ගේ අතින් අල්ලගෙන තවමත් එතනම ඒ විදියටම හිටගෙන හිටියා... කොයිතරම් වෙලා ගත වෙලාද කියලා දෙන්නටම හරි අදහසක් තිබුනේ නෑ...

ටේහ්‍යොන්ග් හිස් බවට වෛර කරා... ටේහ්‍යොන්ග් හිමින් ජන්කුක්ගේ පැත්තට හැරුනා... ජන්කුක් එහෙමම බිම දණගැහුවා... ටේහ්‍යොන්ග් ජන්කුක් ලගින්ම දණගැහුවා... ජන්කුක්ගේ කිසිම හෙලවීමක් තිබුනේ නෑ... ජන්කුක් තාමත් හිතනවා ටිකකට කලින් ඇහුනේ මොනවද කියලා...

Properties... Engagement...

ජන්කුක්ගේ හුස්ම හිරවෙන්න වගේ ආවා... ජන්කුක් පපුවට අත තියාගෙන තොල් ඈත් කරලා, ඇස්දෙක වහගෙන තෙරපි වලදී කියලා දුන්න විදියට ආසම දෙයක් මතක් කරගත්තා... ඒත් ජන්කුක් ආසම දේ ටේහ්‍යොන්ග්... ජන්කුක්ගේ පෙනහලු හිරවෙලා වගේ දැනුනා... ජන්කුක් හිමින් වැස්ස මතක් කරා...

"කූ" ටේහ්‍යොන්ග්ගේ කටහඩ ඇහුනම ජන්කුක් කන් දෙක වහාගත්තා... "කූ ඔහ් මයි ගෝඩ්, හිමින් හුස්ම ගන්න" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිටෙන් අත තිබ්බා... ජන්කුක් එහාට වුනා... ටේහ්‍යොන්ග්ගේ ඇස්දෙක ලොකු වුනා...

බොරු... හැමදේම බොරු... හැම වචනයක්ම, හැම දෙයක්ම බොරු... ටේහ්‍යොන්ග් කියන්නේ මුල ඉදන්ම බොරුවක්... ටේහ්‍යොන්ග් කරේ මුල ඉදන්ම රැවටීමක්...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත තදින් ඇල්ලුවා... දෙන්නගෙම කෙටි ගැඹුරු හුස්ම tiny house එක පුරාම ඇහුනත් ඇයි මේ තරම් හිස්බවක් දැනෙන්නේ..

"කූ" ටේහ්‍යොන්ග් හිමින් කතා කරා... ජන්කුක් ඇස් පිල්ලම් ගහනවත් මහන්සි වුනේ නෑ... ජන්කුක්ට මහන්සි... බොරු වලින් ජන්කුක්ට ලොකු මහන්සියක් දැනුනා... ජන්කුක් විස්වාස කරපු එකම මනුස්සයා මේ තරම් බොරුවක්, රැවටීමක් කරාට පස්සේ ජන්කුක් කොහොමද මේවට මූණ දෙන්නේ...

"කූ"

"ජන්කුක්"

"මොනවාහරි කියන්න"

"මොනවාහරි අහන්න"

"ප්ලීස්"

ජන්කුක් බිම බලාගෙන හිටියා... ජන්කුක් කකුල් උඩින් වාඩිවුනා... ටේහ්‍යොන්ග් බිම වාඩිවුනා... "ඕන දෙයක් අහන්න, කතා කරන්න ප්ලීස්"

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now