Two weeks later
ටේහ්‍යොන්ග් සිංගපූ' ගිහින් සති දෙක්ක ගෙවිලා තිබුනා... යන්න කලින් ටේහ්‍යොන්ග් ජන්කුක්ට අලුත් ෆෝන් එකක් අරන් දුන්නා... කොච්චර වැඩ වලට බිසී වුනත් හැමදාම රෑට පොඩි වෙලාවක් හරි ටේහ්‍යොන්ග් ජන්කුක්ට කතා කරා...
ටේහ්‍යොන්ග් නැතුව ගෙවුන සතිදෙක ජන්කුක්ට ලොකු කාලයක් වගේ දැනුනා... ඒත් ලෙක්චර් එක්ක, කැෆේ එකේ වැඩ එක්ක බිසී වෙන නිසා ජන්කුක්ට ඒක මග ඇරිලා ගියා... ඒත් ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව ගොඩක් මතක් වුනා...
ජන්කුක් ග්ලාසස් හදාගෙන යුනිවර්සිටි එකේ ගේට් එකෙන් ඇතුලට ගියා... ග්‍රවුන්ඩ් එක පාස් කරගෙන, මේන් හෝල් එකේ කොරිඩෝ එක දිගේ ජන්කුක් ලොකර් රූම් එකට ගියා... ඒත් ජන්කුක්ට වෙනසක් දැනුනා... හැමෝම වගේ තැන් තැන් වල එකතු වෙලා ජන්කුක් දිහා බලාගෙන හොරෙන් එක එක දේවල් කිව්වා... ජන්කුක් කොහොමත් ඔලුව උස්සලා ඒවට අවධානය දෙන්නේ නැති නිසා එහෙමම ලොකර් රූම් එකට ගියා...
ලොකර් රූම් එකේ දොරෙන් ඇතුලට ගිය ගමන් ජන්කුක්ව ගැස්සුනා... Soccer team එක, cheerleading group එක, සනා, එයාගේ ගර්ල් ගෘප් එක ඇතුලේ හිටියා... ජන්කුක් පොත් ටික පපුවට තුරුලු කර ගත්තා... "Hey doggie" නිකෝ කට කොනකින් හිනාවුනා... "Nerdy" සනා අමුතු විදියට කිව්වා... අද නම් බේරුමක් නෑ කොහොමත්, ජන්කුක් ඕන එක්ක වෙන්න ඇතුලට ගියා... කට්ටිය මැද්දෙන් ටිකක් දුර යනකොට ජන්කුක්ගේ කකුල පැටලිලා ඔක්කොම මැද්දේ වැටුනා...
"අහ්හ්ව්ව්" ජන්කුක්ගේ පපුව පොළොවට වැදුනා.. ග්ලාසස් දෙක විසිවුනා... හැමෝම හයියෙන් හිනාවුනා... "ඔහ් ඕකේ අපි කොහොමද මේක පටන් ගන්නේ" සනා ෆෝන් එක අරගෙන ජන්කුක් ලගට ආවා... ජන්කුක් ඉස්සිලා බිම ඉදගත්තා...
"Sana spill the tea" නිකෝලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හයියෙන් කිව්වා... සනා කට කොනකින් හිනාවෙලා ෆෝන් එක අන්ලොක් කරා... Instergram page එක ඕපන් කරලා, සනා ජන්කුක්ගේ මූණට නැමුනා... "සෝ එහෙනම්, Nerd jeonguk dating handsome kim taehyung right?" ජන්කුක් ඇස් ලොකු කරගෙන සනාගේ ෆෝන් එක දිහා බැලුවා...
the nerdy AND the handsome
කියලා කවුරුහරි Instergram page එකක් හදලා, ජන්කුක් සනාගේ ෆෝන් එක උදුරගෙන පෝස්ට් බැලුවා... ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක මෝල් එකට ගිය ෆොටෝස්, ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක කැෆේ ඉදන් ඇවිදගෙන යන ෆොටෝස් එක එක විදියේ ෆොටෝස් ගොඩක් තිබුනා...
YOU ARE READING
the nerdy AND the handsome ||vkook||
FanfictionBullied boy falls in love with the most popular, handsome boy in the university.. Taekook