23- What are we?

1.1K 328 55
                                    

ජන්කුක් සදුදා උදේම යුනිවර්සිටි එකට ගියා... ජන්කුක් සාමාන්‍යයෙන් එක්සෑම් එක දවසට කිසිම පොතක් අරගෙන යන්නේ නෑ... විශේෂයෙන් එදාට තියෙන සබ්ජෙක්ට් එකේ පොත් කොහොමත් ජන්කුක් ගේන්නේ නෑ... ඒක නිසා ජන්කුක් එහෙමම එක්සෑම් හෝල් එකට ගිහින් තමන්ට අදාල තැනින් ඉදගත්තා...

මේසේ උඩට අත් තියාගෙන සබ්ජෙක්ට් එක ගැන, ටේහ්‍යොන්ග් ගැන නැතුව වෙන දෙයක් හිතන්න ගත්තා... ඒත් අන්තිමට නතර වුනේ, ටේහ්‍යොන්ග්ට christmas එකට දෙන්නේ මොනවද කියලා කල්පනා කරලා... ජන්කුක් ඇස් වහලා ඇරියා...

"ජන්කුකී!" ජිමින් මහා හයියෙන් කෑගගෙන හෝල් එක ඇතුලට දුවගෙන ආවා... ජන්කුක් අතේ ඇගිලි ගුලි කරගෙන යටිතොල හපාගත්තා... දවස් තුනක් ජිමින් එක්ක කතා කරේ නෑ... ජිමින්ට ප්‍රශ්න ගොඩක් ඇති... ජිමින් කෝල්, මැසේජ් කරන්න ඇති අනිවාරෙන්ම... ජන්කුක් ජිමින් අහන ප්‍රශ්න ගැන කල්පනා කරා...

"ජොන් ජන්කුක්!" ජන්කුක් ගැස්සුනා... ජිමින් පපුව ඉස්සරහින් අත් බැදගෙන ඇස් හීනී කරගෙන ජන්කුක් දිහා බැලුවා... "ජ්-ජිමිනී" ජිමින් ජන්කුක් ලගින් ඉදගත්තා...

"දවස් තුනක් කොහෙද හිටියේ, ඇයි ඔයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැත්තේ" ජිමින් ජන්කුක්ගේ මූණ දිහා හොදට බැලුවා... "ම්-මම පාඩම් කරා ජිමිනී, මගේ ෆෝන් එක කැඩුනා" ජිමින් ඇහිබැම අකුල ගත්තා...

"ඒ ෆෝන් එක අලුත්නේ ජන්කුකී, මොකද වුනේ මට ඇත්ත කියන්න" ජිමින් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා... "සිකුරාදා රෑ මම කැෆේ එකේ ඉදන් ගෙදර යද්දී වැස්ස පටන් ගත්තා, මම දුවගෙන යනකොට ෆෝන් එක බිම වැටුනා, වතුරට ඒක දැන් කැඩිලා" ජන්කුක් තොල්දෙක උල් කරගෙන කිව්වා... ජිමින් හිනාවුනා...

"ඉට්ස් ඕකේ අපි එකක් ගමු, යා ජොන් ජන්කුක් මට ඇහුනා හැමෝම කතා වෙනවා මේ පාර පේපර්ස් අමාරුයි කියලා, අහ් මම දැන් මොකද කරන්නේ" ජිමින් කොණ්ඩේ අල්ලගෙන නිකට මේසේ උඩින් තිබ්බා... "ඇයි පාඩම් කරේ නැද්ද? මට ඇත්තටම දුකයි මිනී, ඔයාට පාඩම් කරන්න උදව් වෙන්න බැරි එකට" ජන්කුක් ජිමින්ගේ කම්මුල අතගෑවා...

"කමක් නෑ මම කරන සබ්ජෙක්ට් ගැන ඔයා දන්නේ නෑනේ, Math වලට hight marks ගන්න ජොන් ජන්කුක් ඩාන්සින් ගැන මොනවද දන්නේ" ජිමින් හයියෙන් හිනාවුනා... "ජන්කුක් ඇත්තටම අපි කරන සබ්ජෙක්ට් ඔයාට විහිලු වගේ නේද?"

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now