11- Coffe and Cigarette

1.5K 376 65
                                    

ජිමින් ඩාන්සින් ප්‍රැක්ටිස් ගියාට පස්සේ, ජන්කුක් එහෙමම ලොකර් රූම් එකට ගියා... අද දවසටම ජන්කුක් ටේහ්‍යොන්ග්ව දැක්කේ නෑ...

මොකද්ද මේ දැනෙන හැගීම... ටේහ්‍යොන්ග්ව දැක්කේ නැති නිසා දැනෙන පාළුව මොකද්ද? යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ල එහා මෙහා ගියත්, එක එක අය තැන් තැන් වල රැදිලා යාලුවෝ එක්ක හිනාවෙන ගමන් සද්දෙන් කතා කරත්, හැමතැනම සද්ද තිබුනත්, ජන්කුක්‍ට යුනිවර්සිටි එක ඇතුලේ හිස්බවක් දැනුනා...

ටේහ්‍යොන්ග්ව මුණ ගැහිලා තවම ගතවෙලා තිබුනේ මාසයක් වගේ වුනත්, දෙන්නම අතර තවම යාලුකමක් විතරක් තිබුනත්, ජන්කුක්ට දැනටම ටේහ්‍යොන්ග්ව මතක් වෙන්න අරගෙන, එක දවසක් දැක්කේ නැති නිසා...

ජන්කුක් කල්පනා කරන ගමන් ලොකර් රූම් එකට ගිහින් ලොකර් එක ලග හිට ගත්තා... ලොකර් එක ඇරලා පොත් දෙකක් එලියට අරන් ජන්කුක් ලයිබ්‍රි එකට යන්න හිතුවා... සමහරවිට ටේහ්‍යොන්ග් ලයිබ්‍රි එකට එයි, ජන්කුක්ගේ තොල් අතර ලස්සන හිනාවක් ඇදුනා... ජන්කුක් පොත් දෙක අරගෙන පපුවට තුරුලු කරගෙන හැරුනා...

"Hey Dogie" ජන්කුක් ඒ කටහඩට ගැස්සුනා... නිකෝ Soccer team එකත් එක්ක හිටගෙන හිටියා... ජන්කුක් බයවෙලා ලොකර් එකට හේත්තු වුනා...

"ඔහ් බලන්න, මම මේ මූණට ආසයි, ඔයා බයවෙලා, වෙව්ලනකොට ඇත්තටම කියුට් Nerdy Boy" ජන්කුක් තොල්දෙක තද කරගෙන, බලාගෙන හිටියා... "කෝ අද බොඩිගාඩ්ස් කිම් ටේහ්‍යොන්ග් ඇන්ඩ් කිම් සූබින්" නිකෝ කිව්වම හැමෝම හිනාවුනා... ජන්කුක් බිම බලාගත්තා...

"බෝයිස්, Triangle love එකක්ද? නැත්තන් බ්‍රදර්ස්ලා දෙන්නා ෆන් එක්ක ගන්නවද? Nerd වුනත්, මෙයාට සෙක්සි ඇගක් තියෙනවා" ජන්කුක් එකපාරටම ඔලුව උස්සලා බැලුවා... කොච්චර කරදර කරත් නිකෝ ඒ වගේ දේවල් කවදාවත් කියලා තිබුනේ නෑ...

ජන්කුක් වෙනදට වඩා බය වුනා... ගුටිකන එක ඇත්තටම හොදයි, වෙන දෙයක් වෙනවට වඩා... ජන්කුක් හොද හුස්මක් අරගෙන හිතට හයිය ගත්තා... පොත ඇගිලි වලින් තද කරගෙන, ජන්කුක් නිකෝව පාස් කරගෙන යන්න ගියා... නිකෝ ජන්කුක්ගේ උරහිසෙන් අත තියලා තල්ලු කරා...

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now