ජන්කුක් දිගටම දුවගෙන ගියා... ජන්කුක් දැනගෙන හිටියේ නෑ ජන්කුක් දුවන්නේ කොහෙටද කියලා... ඒත් ජන්කුක් පාලු පාර දිගේ දුවගෙන ගියා... ජන්කුක්ගේ මුලු ඇගම සීතලෙන් වෙව්ලන්න ගත්තා... වැස්ස පටන් අරගෙන තිබුනා... වෙලාව 12 විතර වෙලා තිබුනා...
ජන්කුක් දුවගෙන ආවට, ඇයි දුවගෙන ආවේ, කොහෙටද යන්න ඕන කියලා ජන්කුක් දැනගෙන හිටියේ නෑ... ටේහ්‍යොන්ග් ලගින් ඈතට දුවලා යන්න විතරයි ජන්කුක්ට ඕන වුනේ,
සීතල හුළං වලින් ඇග වෙව්ලන්න ගද්දී, වැස්සට මුලු ඇගම තෙමෙන්න ගද්දී, ජන්කුක් දිගටම දුවගෙන ගියා...
පාලු පාරේ කෙලවරේ ජන්කුක් නැවතුනා... ජන්කුක් දෙකට නැවිලා දණහිස් උඩින් අත් තියලා, හයියෙන් හුස්ම ගත්තා... "අහ්හ්" ජන්කුක් කොණ්ඩේ අතරින් ඇගිලි යවලා බිත්තියට හේත්තු වුනා...
ජන්කුක් නිකමට හිතුවා... ටේහ්‍යොන්ග් මේ වැස්සේ තමන්ගේ පස්සෙන් දුවගෙන එයිද? ටේහ්‍යොන්ග් ඒ තරම් තමන් ගැන හිතනවද? ටේහ්‍යොන්ග්ගේ හිතේ මොන විදියේ හැගීමක් තමන් ගැන ඇතිද? ටේහ්‍යොන්ග් කලින් කිව්වා වගේ ඒක Desire? එහෙම නැත්තන් ෆන් එකක්, ජන්කුක් හොද හුස්මක් ගත්තා... නෑ ටේහ්‍යොන්ග් එන්නේ නෑ... ඒක ෆන් එකක්,
ඒ එක්කම ජන්කුක්ගේ ෆෝන් එක රින්ග් වුනා... ජන්කුක් ගැස්සුනා... ජන්කුක් ෆෝන් එක සාක්කුවෙන් එලියට අරගෙන බැලුවා... Unknown number වුනාට ඒ ටේහ්‍යොන්ග් කියලා ජන්කුක් දන්නවා... ආයෙත් ටේහ්‍යොන්ග්, හැමතැනම ටේහ්‍යොන්ග්... ජන්කුක් ෆෝන් එක අතේ ගුලි කරගෙන, බිත්තියට හේත්තු වෙලා ඇස්දෙක වහගෙන හුස්ම ගත්තා...
ඒ කියන්නේ ටේහ්‍යොන්ග් තමන් ගැන හිතනවා..
ජන්කුක්ට panic attack එකක් එන්න ආවා... ජන්කුක් හුස්ම අරගෙන ටේහ්‍යොන්ග් කියලා දුන්න විදියට තොල් උල් කරලා හුස්ම එලියට පිම්බා, ආයෙත් ටේහ්‍යොන්ග්, ජන්කුක් තොල් තද කරගෙන හුස්ම ගන්න ට්‍රයි කරා... ආයේ ආයේ ෆෝන් එක දිගටම රින්ග් වෙන්න ගත්තම ජන්කුක්ගේ ඔලුව රිදෙන්න ගත්තා... ඒ එක්කම වැස්ස වැඩිවෙලා හයියෙන් හුළං හමන්න ගත්තා... ජන්කුක්ට බය හිතුනා... ජන්කුක් දැන් ඉන්න ස්ට්‍රීට් එක මොකද්ද කොහෙද කියලා ජන්කුක් දන්නේ නෑ...
VOCÊ ESTÁ LENDO
the nerdy AND the handsome ||vkook||
FanficBullied boy falls in love with the most popular, handsome boy in the university.. Taekook