15- Cuddling

1.4K 353 47
                                    

"Take it easy baby, shh don't cry" ටේහ්‍යොන්ග් ජන්කුක්ව තදින් අල්ලගෙන හිටියා... දෙන්නම ටේහ්‍යොන්ග්ගේ ලිවින් ඒරියා එකේ Rug එක උඩ ඉදගෙන හිටියා...

ජන්කුක්ට Panic attack එක්ක එන්න හැදුවත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව ලගට අරගෙන ජන්කුක්ව සංසුන් කරා... ජන්කුක් කෙටි ගැඹුරු හුස්ම ගන්න ගමන් ටේහ්‍යොන්ග්ගේ අත් අතර හිටියා...

"මට සමාවෙන්න"

"නෝ ප්ලීස් ටේහ්‍යොන්ග්, මට සමාවෙන්න මම විකාර විදියට හැසිරුනාට, ඒත්-ඒත් මම කොහොමද ඒක කියන්නේ, මේ හැමදේම මට අලුත්, අලුත්ම අලුත්, මම කවදාවත් හිතලාවත් නැති දේවල්" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පපුවෙන් ඔලුව තිබ්බා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පිට අතගෑවා...

"මට තේරෙනවා කූ, මම දන්නවා ඔයාට විතරක් නෙමෙයි මටත් මේ දේවල් අලුත්, ඒත් අපේ ජීවිතේට කෙනෙක් ඕන, මම කියන්නේ, ඔයාට ඔයාම වෙන්න පුලුවන් නිදහස් තැනක්, ඔයාව ජජ් කරන්නේ නැති කෙනෙක්, ඔයාගේ හැමදේටම කැමති කෙනෙක්, ඔයාගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන කෙනෙක්, ඕනම වෙලාවක ඔයාව අත් අතරට ගන්න කෙනෙක්, ස්පෙශලි ඔයාට නිදහසේ අඩන්න පුලුවන් තැනක්, ඔයාට සැනසෙන්න පුලුවන් උරහිසක්, උණුසුම දැනෙන පපුවක්" ටේහ්‍යොන්ග් කතා කරනකොට උඩට පහලට යන පපුව ජන්කුක්ට හොදටම දැනුනා... ටේහ්‍යොන්ග්ගේ පපුව ඇතුලෙන් දැනෙන රස්නේ... ජන්කුක් තවත් ටේහ්‍යොන්ග්ගේ පපුවට තුරුලු වුනා... ටේහ්‍යොන්ග් හිනාවුනා...

ඕනම වෙලාවක අඩන්න පුලුවන් කෙනෙක්, ජන්කුක්ට ඒ වචන ආයේ ආයේ ඇහුනා... ඒ ඔක්කොම දේවල් ටේහ්‍යොන්ග් ලග කරන්න පුලුවන් නේද? දැනටමත් ඒ දේවල් වෙනවා නේද?

ජන්කුක් ඔලුව උස්සලා බැලුවා... "ඇයි මට ඒ හැමදේම ඔයාගෙන් දැනෙන්නේ" ජන්කුක් ඇස් ලොකු කරගෙන ඇහුවම ටේහ්‍යොන්ග් හිනාවෙලා ජන්කුක්ගේ නළල කිස් කරා... ජන්කුක් ඇස්දෙක වහා ගත්තා... ටේහ්‍යොන්ග් නහය හැපුවම ජන්කුක් ඇස් ඇරලා ලැජ්ජාවෙන් රතුවුන මූණ ටේහ්‍යොන්ග්ගේ බෙල්ලේ හංග ගත්තා...

"ෆක් ඉට්! ඔයා ලැජ්ජ වෙනකොට ෆකින් කියුට් හනී බන්" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූණ බලන්න හැදුවා... ජන්කුක් ඉක්මනට ඔලුව ඉස්සුවා... "හ්-හනී බ්-බන්" ජන්කුක් වචන පටලන ගමන් ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...

the nerdy AND the handsome  ||vkook||Tahanan ng mga kuwento. Tumuklas ngayon