At Sonhi's apartment
උදේම ඇහැරිලා සොන්හි එයාගේ අපාර්ට්මන්ට් එකට ආවේ ඇගට දැනුන අමාරුව නිසා.කෙල්ලව හම්බෙන්න කරුම රතු යාලුවත් ඇවිත් තිබුන නිසා තත්ත්වේ තවත් කුජීත වෙලා තිබුනේ.කෙල්ල කියලත් ඉතින් ඒ වගේ වෙලාවට තනි වෙන්නයි කැමති.ඒ නිසාම කෙල්ල උදේම ගෙදර ආවේ.ඇවිත් වොශ් එකක් එහෙම දාගෙන දෙව් අක්කියාට කෝල් එකකුත් අරගෙන නිදා ගත්ත කෙල්ල දැනට පැය තුනක් තිස්සේ නිදි.සැප නින්දක හිටිය කෙල්ලට හොදට පුරුදු ආසා කරන උණුහුමක් දැනුන නිසා කෙල්ල තව ටිකක් ඒ උණුහුමට ගුලි වුණා.
ඇත්ත සොන්හි නින්දෙන් වුනත් අදුන ගත්තා ඒ ඇවිත් හිටියේ එයාගේ කූ කියලා.ඒකයි කෙල්ල නින්දෙන්ම අත් දෙකත් කොල්ලා වටේ දාලා තව ටිකක් ලං වුණේ.මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවිලා යද්දි නොදැනුවත්වම කෙල්ලවත් තුරුල් කරගෙන කොල්ලටත් නින්ද ගිහින්.
පැයකින් විතර කුක්ට ආපු කෝල් එකක් නිසා දෙන්නම ඇහැරුනේ නැත්තම් දෙන්නා දවස් ගානක් ඉදී ඔය විදියටම තුරුල් වෙලා.ඒ දෙන්නගෙම ඇබ්බැහිය ඒක නිසා අවුලකුත් නෙමෙයිනේ ඒක.
නයිට් ස්ටෑන්ඩර් එක උඩ තිබුන ෆෝන් එක කනේ තියා ගත්ත කුක් නිදි මතේම කතා කරන්න ගත්තේ කෝල් අයි.ඩී එකවත් නොබලා..
📲.......
කුක්-"හෙලෝ..."
ටේ-"හෙලෝ කුකී..තෝ නිදිද යකෝ...ඕකද තොට තිබ්බ මහ ලොකු වැඩේ..?"
කුකී-"..ආයිශ් හියොන්ග්...පස්සේ ගන්නම්..බායි ..."
ටේ-"ඈ යකෝ...තෝ හිතන් ඉන්------"
Call end..
කූ-"සෝ..."
සෝ-"ම්ම්ම්...කූ ඔයා ඇයි ආවේ??? අද වැඩ නැද්ද?"
ඇස් දෙකත් පොඩි කර කර හිටපු කෙල්ල කුක්ගෙන් ඇහුවේ තවමත් නිදිමර ගාතේ.
කූ-"නෑ බබා...අද මම ටේ හියොන්ග් එක්ක ගේම් ගහන්න කියලා හිටියේ...මට කම්මැලි හිතුන නිසා ආවේ ඔයාව බලන්න..කොහෙද ඉතිම් කෙල්ල හොදට නිදිනේ..🤭"
සෝ-"ඔයා ඇයි ඉතින් මට කතා නොකලේ? කතා කලා නම් හරිනේ??"
කූ-"ම්මුහු...ඒක හරි නෑනේ...මගේ කෙල්ල අසනීපෙන් ඉද්දි වද දෙන්න..හ්ම්"
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun