18th blood drop🩸

229 47 59
                                    

යුන්ගි ටිකක් දෙන්නගේ කතාව අහගෙන හිටියත් යකා ගැහුවා වගේ රූම් එක ඇතුලට ගියේ දෙන්නට දෙසන්නම් කියලා හිතාගෙන.ඒත් ඇතුලට ගිය එකා ආයේ යූ ටර්න් එකක් ගහලා දොර පැත්තට හැරුණේ දැන් ටිකකට කලින් කියව කියව හිටපු දෙන්නා දැන් එයාලගේ ලෝකවල තනි වෙලා හිටපු නිසා..

සොන්හි එච්චර හොද මූඩ් එකක හිටපු නැති නිසයි ජන්කුක් කෙල්ලගේ තොල්වලට බර වුණේ.ඒ හාදුවේ දෙන්නා කොච්චර අතරමන වෙලාද කිව්වොත් දොර ගලවන් යන සයිස් එකෙන් දොර ඇරලා වහපු එකවත් දෙන්නට ඇහුනේ නෑ.යුන්ගි අනිත් පැත්ත හැරිලා හිටියේ දැන් මුන් කතා කරයි...දැන් කතා කරයි කියලා හිතලා..

විනාඩි පහක් යනකොටත් කිසිම සද්දයක් නැති නිසා යුන්ගි හයියෙන් කැහැලා ජන්කුක්ට කතා කරේ කේන්තියෙන්...🥴

යුන්ගි-"ජන්කුක්..... 🗣"

යුන්ගිගේ සද්දෙට මේ පාර නම් දෙන්නා ඈත් වුණේ මූනුත් රතු කර ගෙන.සොන්හිට නම් යුන්ගිට මූණ දෙන්න තරම් හයියක් නොතිබුන නිසා කුක්ගේ පපුව අස්සේ මූණ හන්ගගත්තා.

ජන්කුක්-"හි-හියොන්ග්...ඔයා මොකද මෙතන කරන්නේ??"

යුන්ගි-"මොකද කරන්නේ කියලා අහන්නේ...තෝ දන්නෑ බබානේ..අනේ මගෙන් අහගන්න එපා කුකී උබ😒😒😒"

ජන්කුක් ඇදේ ඉදන් සොන්හිව බදාගෙන ඉද්දි ඒ ඉස්සරහ තිබුන පුටුව ලගට අරන් යුන්ගි ඒකේ ඉද ගත්තේ වැදගත් කතාවක් පටන් ගන්න...

ජන්කුක්-"හරි හරි ... ඔයාලා ඇවිත් ගොඩක් වෙලාද??අපි මේ👉👈"

යුන්ගි-"අනේ උබේ මේ මේ එක වැඩක් නෑ.තොපේ කනුත් බීරි වෙනවද යකෝ ... මන් දැන් විනාඩි පහක් තිස්සේ මේක ඇතුලේ... ආදරේ අන්ධයි කිව්වට මම හිතුවේ නෑ කනුත් බීරි වෙනවා කියලා..."

ජන්කුක්-"යා...හ් හිනා වෙන්න එපා හියොන්ග්...😒😒 පව් නැද්ද ඔයාගේ මේ පොඩ්ඩා.."

යුන්ගි-"අහ් පොඩ්ඩා?? මට කියපන්කෝ බලන්න මම දැන් ඒකට කොහෙන්ද හිනා වෙන්න ඕනි කියලා...පොල් බූරුවා?"

ජන්කුක්-"අයියෝ.. හියොන්ග් මොකද අනේ මේ...?"

යුන්ගි-"බලපන් කුකා.. දැන් මම නැතුව වෙන කවුරු හරි ඉස්සෙල්ලා මෙතනට ආවා නම් එහෙම ආහ්?? මේක සෙල්ලමටකට ගන්න එපා කුක්.. තමුසෙලා දෙන්නා කතා කරපුවා ඔක්කොම එලියට ඇහුනා..හදිස්සියේ ජූන්ට එහෙම ඇහුනා නම්.. මොකද වෙන්නේ අහ්??"

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now