25th blood drop🩸

182 45 26
                                    

ඇත්තටම වෙන්නේ මොනාද? කියලා නොදැන සොන්හි ඒ වෙලාවේ ටේගේ යාලුවා වුණ මින්ජුන් එක්ක හුරතල් වුණේ මින්ජුන් කියන්නේ සොන්හිට පවා ගොඩක් ලග කෙනෙක් වුණ නිසා.. ඔව් කෙල්ල දන්නවා මින්ජුන් කියන්නේ බූයන්ග්ගේ මල්ලි බව.. ඒ වගේම මින්ජුන් කෙල්ලට ආදරේ කරපු බව... ඒත් දැන් මින්ජුන්ට කෙල්ලෙක් ඉන්නවා කියන්නත් , ඒ දෙන්නා ආදරෙන් ඉන්නවා කියන්නත් සොන්හි හොදටම දන්නවා..ඉතින් කෙල්ලට බය වෙන්න දෙයක් තිබුණේ නෑ..

ඇත්ත... මින්ජුන් බූයන්ග්ගේ බල කිරිල්ලට කොරියුවට ආවට එයා කැමැත්තෙන් මෙහෙට ආවේ නෑ.ඒත් සොන්හිව දකිද්දි කොල්ලගේ හිත ටිකක් හෙල්ලුනේ මොනා වුනත් ඒ හිටියේ කොල්ලගේ පලවෙනි ආදරේ නිසා.ඒ වගේම මින්ජුන් නෙමෙයි ටේ ඇරෙන්න කවුරුත් දැනන් හිටියේ නෑ මේ දිහා දත්මිටි කකා හාවෙක් බලන් හිටියා කියලා...

බැරිම තැන තමා ජන්කුක් සොන්හිව ඇදලා අරන් කිස් කරේ.කොහොමත් රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි කියනවානේ..😅

ජන්කුක් කෙල්ලව ඇදලා අරන් කිස් කරලා කෙල්ලව අතාරිනකොට කෙල්ල කුක්ව බදාගෙන ඉකි ගගහා හොදටම අඩනවා... මින්ජුන්ටත් කෑ ගහලා ජනකුක් කෙල්ලව එයාගේ කෝට් එකෙන් වහගෙන තව ටිකක් තුරුල් කරගත්තා.මේ දිහා කට්ටිය බලන් හිටියේ මැජික් පෙන්නනවා වගේ වුනත් වෙලීගෙන හිටපු ඒ දෙන්නට නම් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ.තොපි බලාගෙන මලව ගත්තත් අපිට මොකෝ සීන් එකේ තමා ඒ දෙන්නා හිටියේ..

කෙල්ලගේ ඇඩිල්ල අඩු වෙනවා මිසක් අඩු වෙන්නේ නැති නිසා කූ එතන තිබුන නිශ්ශබ්දතාවය බිදින්න කතා කලා..

කුක්-"මැණික.... මියාන්.. මම ඔයාට ගොඩක් රිද්දුවා තමා.ඒත් මට හේතුවක් තිබුනා.මාව තේරුම් ගන්න බලන්න...දැන් ඔය අඩන එක නවත්තන්නකෝ බබා...🥺"

සොන්හි-"නවත්තන්න?? මම කොහොමද අඩන්නේ නැතුව ඉන්නේ කූ.. ඇයි ඇයි 19 වෙනිදම..ඇයි එදාම කූ.. මේ පාරත් ඒ දවසෙම ඔයා මාව දාලා යන්නද හදන්නේ?? මම කොහොමද ඉවසන්නේ දෙයියනේ😭😭😭😭😭😭😭😭"

කුක්-"මියානේ මැණික.. මම නැතත් සතුටින් ඉන්න බලන්න..ඔයාගේ කූට ආයේ එන්න බැරි වුනොත් පොරොන්දු වෙන්න ඔයාට ආදරේ කරන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා කියලා..අදින් පස්සේ මේ හැමදේම ඉවර වේවි.. ඔයාට ආයේ කරදර කරන්න කවුරුත් නැති වෙයි තේරුනාද?? සතුටින් ඉන්න බබෝ.. "

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now