After 2 hours
ජින්ලා ගෙදර ගිහින් පැය දෙකකින් ආයේ හොස්පිටල් එකට එනකොට එයාලට මගදී ජන්කුක්වත් හම්බුනා.කට්ටියත් එක්කම ඉස්සෙල්ලාම ගියේ සොන්හි හිටපු රූම් එකට වුනත් කෙල්ල එතන හිටියේ නෑ.නර්ස් කෙනෙක්ගෙන් අහද්දි කිව්වේ සොන්හි අඩලා අඩලා එයාගේ ඔන්නි ලගට ගියා කියලයි.
ඒක අහලා ජන්කුක්ට දෙලෝ රත් වුණත් මොකුත් නොවුණ ගානට ඉන්න උත්සහ කරේ එතන හියොන්ග්ලා හිටිය නිසා.පස්සේ කට්ටියම දෙව් හිටපු රූම් එකට ගියේ කෙල්ලට දැන් සිහිය ඇවිත් කියලා හිතාගෙන.
දොරෙන් ඇතුලට යන කොට සෝ දෙව්ගේ අත අල්ලන් කෙල්ල දිහා බලන් ඉන්නවා.ජිමින් ඒ ඉස්සරහ තිබුන සෝෆා එකේ ඉදගෙන ඔහේ ඉන්නවා.කොල්ලගේ මූණත් ටිකක් ඉදමිලා.ඒත් එතන එක් කෙනෙක් හිටියේ නෑ.
ජින්-"සොන්හියා....."
සෝ-"ඔප්පා..🥺🥺බලන්නකෝ අනේ.. එයාට ඇස් අරින්න කියන්නකෝ ඔප්පා.මට පාලුයි එයා නැතුව..😞😞😭"
ජින්-"ශ්ශ්ශ් අඩන්න එපා බබී.අක්කියාට දුක හිතෙයිනේ.එයා ඉක්මණට ඇස් අරී හොදද බය වෙන්න එපා."
ජින් සොන්හි ලගට ඇවිත් කෙල්ලගේ ඔලුව අත ගානකොට කෙල්ල එයාගේ ඔලුව ජින්ට හේත්තු කරා.
ජූන්-"සෝ.. යුන්ගි හියොන්ග් කෝ?"
සෝ-"මම දන්නේ නෑ ඔප්පා.මට ඇහැරන කොටවත් ඔප්පා රූම් එකේ හිටියේ නෑ"
ජූන්-"මොහ්?"
ජින්-"ජන්කුකා උබ කිව්වේ සොන්හි එක්ක නැවතුනා කියලානේ..?"
ජන්කුක්-"ඔව් ඉතින් මම එනකොට හියොන්ග් සොන්හි එක්ක නැවතුනා තමයි"
සෝ-"ඔප්පා නර්ස් කිව්වා දැන් පැය දෙකහමාරකට විතර කලින් යුන්ගි ඔප්පා වැඩක් තියනවා කියලා ගියා කියලා.."
ජූන්-"මූ ඒ පාර මොන නාඩගමක් නටන්න යනවද මන්දා?? එයින් යන දිහාවක ගිහින්.එතකොට බලා ගමු"
ජන්කුක්-"මොකක් හරි වැඩක් වැටෙන්න ඇති හියොන්ග්.මොකටද ඕකට ඔච්චර කෑ ගහන්නේ?"
ජූන්-"හරි හරි බන්.දැන් අර වැඩේ මොකද වුණේ? හොයා ගත්තද කවුද කරලා තියෙන්නේ කියලා?"
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun