දෙව්-"මොහ්.... එතකොට කුකී කියන්නේ ඔයා???"
දෙව් පුදුමෙන් වගේ අහනකොට ජන්කුක් ඔලුව උඩ පහල කරේ රොබෝ කෙනෙක් වගේ.අසනීප වෙලා ඇද උඩ හිටපු සොන්හිත් ඔහේ බලන් ඉන්නවා.දැන් ඉතින් ජින් ඔප්පගේ රැප් ගායනේට විතරක් දෙවනි වෙනි අක්කියාගේ රැප් එක අහන් ඉන්න ඕනි නේද කියලයි කෙල්ල හෙන කලකිරුණු මූණක් එක්ක හිත හිත හිටියේ.කුක්ගේ මූණ දිහා බලන් හිටපු දෙව් ඊලගට මාරාන්තික බැල්මක් එක්ක සොන්හි දිහාවට හැරුණේ සොන්හි අහිංසක මොන්ගල් හිනාවකින් කෙල්ලට
සංග්‍රහ කරද්දි.දෙව්-"මොකා වුනත් කමක් නෑ.
කිම් සොන්හි...තමුන්ට මම මොනාද කියලා තියෙන්නේ අහ්?? කොල්ලොත් එක්ක ඔය විදියට ඉන්න කියලට මම කියලා දුන්නේ??🤨🤨"
සෝ-"හෙ හෙ අක්කියා.... කෝමද ඉතින් ඔයාට?"
යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ උත්තරක් දීපු සෝ එහෙන්මම ජන්කුක්ගේ ඇගට කඩා ගෙන වැටුණේ දෙව්වත් හොදටම බය කරලා.ජන්කුක් කෙල්ලගේ කම්මුලට තට්ටු කරද්දි දෙව් ලග තිබුණ වතුර වීදුරුවෙන් ටිකක් සොන්හිගේ මූණට ඉස්සා.දෙව්ගේ බැනුමෙන් බේරෙන්න බොරුවක් කරත් ඒක ඒව වදයක් නේද කියලා කෙල්ලට තේරුනේ ඇස් දෙක වහගෙන කුක්ගේ ඇගට වැටුණට පස්සේ.
වතුර ඉහද්දි අමාරුවෙන් වගේ ඇස් දෙක ඇරිය කෙල්ල ඉතා අහිංසක විදියට දෙව් දිහා බැලුවේ දෙව්ගේ අනුකම්පාවවත් අඩුම ගානේ කෙල්ලට ලැබෙයි කියලා හිතලා.ජන්කුක් නම් හිත යටින් පෙරලි පෙරලි හිනා වෙනවා.කොල්ලා දැනන් හිටියා ඔය කරන්නේ බොරුවක් කියලා.මොකද සොන්හි කුක්ගේ අත තදින්ම අල්ලන්නේ හිටියේ.
ජන්කුක් ඉතින් කෙල්ලට පොඩි සප් එකක් දුන්නා පව්නේ කියලා හිතලා.
දෙව්-"ජූ.. ඔය බොරු දැම්මට වැඩක් නෑ.බලනවා තාම මැරි කරලා තියා ඔය දෙන්නා ගැන අපිවත් හරියට දන්නේ නෑ.ඉතින් එහෙම එකේ ඔහොම හැසිරෙන එක හරිද මන් අහන්නේ..කුකී ඔයා වුනත් ??"
දෙව් දෙන්නටම බනින්න ගද්දි සොන්හිට හිතුනේ 'අනේ මම කර ගත්ත ගොන්කමක් ' කියලා විතරයි.
සෝ-"හරි හරි අක්කියා.අපි දෙන්නා අතරේ මොකුත් වුණේ නෑ නේ.මට අසනීප නිසයි කූට තුරුල් වුණේ.වෙන මොකුත් නෙමෙයි.🙂"
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanficIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun