At NISඉදි කටුවක් වැටුනත් ඇහෙන තරමට නිශ්ශබ්දතාවයක් පිරුණු NIS Head ගේ කැබින් එක අපායක් වගේ හැඩි වෙලා.වෙනදට අතක් තියන්න නොහිතෙන තරමට පිරිසිදුවට තියන කැබින් එක අද යක්කු නටලා වගේ.හැම තැනම විසි වුණ ෆයිල්ස් , පෑන් , පොත් , ෆොටෝස්වලින් කැබින් එක පිරිලා.ඒත් හෙඩ් වුණ නම්ජූන්ගේ මේසේ නම් තිබුනේ එයා බල බල හිටපු ෆයිල් එක විතරයි.
උදේ ඉදන් ෆයිල්ස් චෙක් කර කර හිටපු නම්ජුන් බැරිම තැන ජින්ට කතා කරේ වෙනදා එයාට උදව් කරන්න එන යුන්ගි මේ වාරේ එයාගේ උදව්වට නොඑන බව දැන ගෙන.මොකද කලින් සැරේ සුගා ඇවිත් කියපු දේත් එක්ක ජූන්ට මානසිකත්වයක් තිබුනේ නෑ සුගාව සැක නොකර ඉන්න.
ඔලුව අත් දෙක අස්සේ ගහගෙන මේසේට බර වෙලා හිටපු ජූන් ඔලුව ඉස්සුවේ කැබින් එකේ දොර ඇරෙනවා ඇහිලා.
ජින්-"යා.....හ් ජූන්.මොකද යකො තොට වෙලා තියෙන්නේ..මම බයත් වුණා යකෝ.තෝ මේකේ අස්සේ දහ අට වන්නමම නැටුවද ගොන් බූරුවෝ?"
ජූන්-"ආ...යිශ්... හියෝන්ග් කට වහගෙන ඇවිත් ඉද ගන්නකෝ ඔය ඉඩ තියන තැනකින්.මගේ ඔලුව තවත් අවුල් නොකර"
ජින්-"මොකද මිනිහෝ වෙලා තියෙන්නේ?"
ජූන්-"පොපී ලවර් ගේ කේස් එක හියොන්ග්..ඉහලිනුත් දැනුම් දීමක් ආවා..මේක ඉක්මණට විසදලා දාන්න කියලා."
ජින්-"ඉතින් දැන් ඇයි ඒකට මට එන්න කිව්වේ ?"
ජින් මේසේ ඉස්සරහ තියන පුටුවෙන් වාඩි වෙන ගමන් ඇහුවා.
ජූන්-"මේක මහ පැටලිලක් වෙලා හියොන්ග්..මම සුගා හියොන්ග් එක්කත් මේ ගැන කතා කරා..මම හිතන්නේ හියොන්ග් ඒ ගැන මොනා හරි දන්නවා.එක්කෝ එයත් මේකට සම්බන්ධයි."
ජින්-"උබ කොහොමද යකෝ එහෙම කියන්නේ..සුගා කියන්නේ අපේ එකෙක්.එහෙම එකේ ඌ අපිට එහෙම කරයිද?"
ජූන්-"බැරි නෑ හියොන්ග්.සුගා හියොන්ග්ගේ කතාවත් එච්චර ඇල්ලුවේ නෑ.හැබැයි එයා කියපු දේවල් හරි.මම මැරුන හැම කෙනෙක් ගැනම හැමදේම හොයලා බැලුවා.."
ජින්-"ඉතින් මොකුත් හොයා ගත්තද?"
ජූන්-"හ්ම් ගොඩක් දේවල්...
මට තියෙන අවුල ඇයි ජන්කුක් මේ කිසි දෙයක් ගැන හොයලා නැත්තේ කියලා.."
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun