32 පරිච්ඡේදය

2.9K 479 30
                                    

අවන්හල තුළට ඇතුළු වූ යේන්, මේ පිරිමි ළමයා දෙස ඉතා ඕනෑ කමින් බැලුවේ ය. ඔහු සිහින් ය; එතරම් උස නැත; තද කලු ඝන කොණ්ඩයකට හා ඇහි බැමකට හිමිකම් කිය යි; ෂමිත්ට වඩා සම මදක් අඳුරු පැහැති ය. නමුත් මෙවැනි පාසල් යන වයසක පිරිමි ළමයෙකුට එවැනි සමක් තිබිම සාමාන්‍ය ය.

එකල තමන් ද මීට වඩා අඳුරු පැහැ සමකට උරුමකම් කියන්නට ඇති බව යේන් සිතුවේ ය. මන්ද ඔහු පාසලේ ඉගෙනීමේ වැඩ කටයුතුවල යෙදෙනවාට වඩා සිදු කළේ විෂය බාහිර ක්‍රියාකාරකම් වන බැවිනි. ප්‍රශේන්ව දැකීමෙන් යේන් තප්පර කිහිපයකට ඔහුගේ පාසල් කාලයට ගියා කියතොත් නිවැරදි ය. එම සිතුවිලි දාමයෙන් පියවි ලෝකයට පැමිණෙන අතර ම ඔහු, ෂමිත්ට වම් පසින්, ප්‍රශේන්ගේ ඉදිරියෙන් මේසයට හිඳ ගත්තේ ය. 

තම වැඩිමහල් සහෝදරයාට පසෙකින් හිඳ ගත් මේ පුද්ගලයා දෙස බැලූ ප්‍රශේන්ගේ මුහුණේ ඇති වූයේ ගැටලුවකට මැදි වූ පෙනුමකි. මන්ද මීට පෙර කිසිම දිනක ඔහු, තම සහෝදරයා මෙවැන්නෙකු ආශ්‍රය කරන අයුරු දැක නැත. කොටින්ම කියතොත් ඔහු කිසි දිනෙක ඔහුගේ මිතුරෙකුව නිවසටවත් රැගෙන විත් නැත. තම මල්ලීගේ සිතැඟි වටහා ගත් ෂමිත් සියල්ලට ම ප්‍රථම යේන්ව හඳුන්වා දෙන්නට සිතුවේ ය. නමුත් කවුරුන් කියාද හඳුන්වා දෙන්නේ? ෂමිත් ඒ මොහොතේම බරපතල ගැටලුවකට මැදි විනි.

"අ..... අයියේ? මේ?" 

තම සහෝදරයාගෙන් පිළිතුරක් නොමැති තැන ප්‍රශේන් ඇසුවේ යේන් දෙස ද බලමිනි. ෂමිත්ට සිදු වී ඇති දෙය යේන් පහසුවෙන් වටහා ගත්තේ ය. 

"මං ඔයාගේ අයියගේ යාලුවෙක්. More like.... Boss...." 

ඔහු අවසාන වචන කිහිපය කීවේ ෂමිත් දෙස ඇස් කොනින් බලා සිනාවක් මුවගට නගා ගනිමිනි. 

"Boss??" 

ප්‍රශේන් එය තේරුම් ගත නොහැකිව ෂමිත් දෙස බැලුවේ ය. ෂමිත් කතා කළේ සුසුමක් පිට කරමින් දෑත් මේසය මත තබා ගනිමිනි. 

"මට job එකක් හම්බුනා. මෙන්න මෙයා ළඟ. එයා හිටියට අවුලක් නෑ, අපි යාලුවො වගේ." 

ෂමිත් පැහැදිලි කරන්නට විය. එයින් ප්‍රශේන් සෑහීමට පත් වූ බව පෙනින. 

The Deathtrap Where stories live. Discover now