[අවුරුදු 12කට පෙර]"යේන්, දැන් මොකක් ද කරන්නේ කියලා තීරණේ කළා ද?"
කුමාර් ඇසුවේ යේන්ගේ කාමරයට ඇතුලු වී සඳලුතලයේ තිබූ පුටුවක වාඩි වී නිහඬව හිස් අහස දෙස නෙත් යොමු කරගෙන සිටි තම පුතු වෙත පැමිණෙමිනි. ඒ වන විට යේන්, මුල්ම වතාවට ඔහුට තුවාල කර ගැනීමෙන් පසුව සති දෙකක් ගත වී හමාර ය. ඔහුගේ තුවාලය තවමත් සම්පූර්ණයෙන් ම සුව වී නැත. තවත් සතියකින් පමණ මැහුම් කපන්නට නැවත දින යෙදී තිබිණි. රෝහලේ සිට නිවසට පැමිණි දින සිට යේන් ඔහුගේ කාමරයෙන් පිටතටවත් පැමිණියේ නැත.
වෛද්යවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ කාමරයේ ඇති අනතුරු දායක දේ ඉවත් කර තිබිණි. නමුත් ඔහුට අවශ්ය නම් එයට පැන්සලක් හෝ භාවිත කරන්නට හැකියාව තිබිණි. ඔහු එය හොඳාකාරව ම දැන සිටි දෙයකි. නමුත් ඔහු තවමත් එම වේදනාව තුළින් මනසට දැනෙන ක්ෂණික සහනය, සතුට නිසි ලෙස හඳුනාගෙන සිටියේ නැත. එබැවින් ඔහුට නැවත එය උත්සහ කර බලන්නට තව ම හේතුවක් තිබුණේ ද නැත.
"මොකක් ගැන ද අහන්නේ?"
ඔහු ඇසුවේ මලානික ස්වරයකිනි. තප්පර කිහිපයක් ඔහු දෙස බලා සිටි කුමාර් සුසුමක් පිට කරමින් කතා කළේ ය.
"මං කලින් කිව්වේ. ඔයා දැන් A.Level කරන්න ඕනේ. ඉක්මනට යන්න මොකක් හරි ඉස්කෝලයක් තෝර ගන්න. ඊළඟ මාසේ ඉස්කෝල පටන් ගන්නවා. මං ඕන කරන ඔක්කොම ලෑස්ති කරල දෙන්නම්. ඔයාට තියෙන්නේ යන්න එන්න විතරයි. ඒකට කැමති නැත්තන් මං කියපු විදියට USA යන්න කැමති වෙන්න. මං ඒකටත් ඔක්කොම ලෑස්ති කරල දෙන්නම්. මං කලින් ම high school එකකුත් බලල තියෙන්නේ. ඔයාට තියෙන්නේ next month එකේ යන්න විතරයි. ඒක ඔයාගේ health එකටත් හොඳයි. Doctor කිව්වෙත් ඔයා ඉන්න environment එක වෙනස් කරන්න කියලනේ. ඒත් ඔයා මෙහෙ ඉස්කෝලෙකට යන්න කැමති නම් ඒකත් ප්රශ්නයක් නෑ."
තම පියාගේ වදන්වලට කන් දෙමින් යේන් එක දිගට ම ඔහුගේ මලානික නෙත් අහස වෙත යොමු කරගෙන සිටියේ ය. කුමාර් ඔහුගේ පිළිතුරක් ලැබෙන තෙක් නිහඬව බලා සිටින්නට විය.
"මං USA යන්නම්."
තප්පර කිහිපයක නිහඬතාවයෙන් පසු පිළිතුර ලැබිණි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...