"ටිං!"නිහඬතාවයක ගිලී තිබූ මත්පැන් අවන්හලෙහි විදුරු තුනක් එකට ගැටෙන හඬ මොහොතකට දෝංකාර දුන්නේ ය. තම වීදුරුව උගුරට දෙකට අවසන් කළ යේන් එය මේසය මතින් තැබුවේ ඇති යැයි කියමිනි. ඔහු වීදුරු දෙකක් පමණක් ගෙන නැවතුනේ, මීළඟට රිය පැදවීමේ වාරය ඔහුගේ වූ බැවිනි.
එහි සිටි අනෙක් දෙදෙනාට ද එසේ ම විය. මේ තිදෙනා ම මාරුවෙන් මාරුවට රිය පැදවූ නිසාවෙන් වෙරි වන තරමට මත් පැන් ගන්නට ඔවුන්ට කිසිදු හැකියාවක් නොතිබිණි. කෙසේ වෙතත් ඔවුන් තිදෙනාගේ ම ඇල්කොහොල් ධාරිතාවය මදක් වැඩි නිසා ඔවුන්ට විදුරු දෙක කිසි සේත්ම ගැටලුවක් නොවේ.
"Alright! කොහෙද next stop එක?"
යෙනුල් ඇසුවේ ඔහුගේ හිස් වීදුරුව පසෙකින් තබා පුටුවේ පිටුපසට හේත්තු වෙමිනි.
"ඇයි දැන් අර Garden එකට යන්න ඕනේ කිව්වේ?"
විරාජ් කීවේ ඔහුගේ දුරකථනය අතට ගනිමිනි.
"මං දන්නෑ ඒකේ බලන්න නං දෙයක් තියෙනව ද කියලා."
යෙනුල් නැවත කී ය.
"මගෙ යාලුවෙක් නං කිව්වා අවුලක් නෑ place එක ලස්සනයි කියලා. වැඩි දුරක් නෑ. යන ගමන් යං. තව වෙලා තියෙනව නේ."
විරාජ් කීවේ අන්තර්ජාලයෙන් අදාළ ස්ථානයේ ජායාරූප කිහිපයක් බලමිනි.
"It's a botanical garden.... මේ හරියේ ආයේ යන්න තියෙන්නේ ඒකට විතරයි වගේ නේ? ඒහ්! යේන් ඔයාට අවුලක් නැද්ද?"
යෙනුල් ඇසුවේ හිස පුටු ඇන්දේ පසුපසට ම හේත්තු කරගෙන සිටි යේන් දෙස බලමිනි.
"මට ඔය ඕනේ එකක්... ආයේ compnay එකට යන්න time එකක් නැති වෙනකන් මං ඕන මගුලක් කරනවා..."
ඔහු කීවේ මලානික හඬකිනි.
"ඊයේ කුමාර් Sir ගෙන් හොඳට අහගෙන ඉන්නේ ඔය මුලු රෑම club එකක රිංගගෙන හිටියා කියලා."
විරාජ්, යෙනුල්ට කීවේ යේන් ව හිසින් පෙන්වමිනි.
"අයිසේ පොඩ්ඩක් අන්කල්ගෙ යි, සීයගෙ යි රතු කට්ට පන්නන්නැතුව ඉන්නවකෝ. ඕක අතට හම්බුවෙනකන්."
යෙනුල් නැවත යේන්ගේ කකුලකට පහරක් ගසමින් කීවේ ය.
"ඕක මගේ ඇඟේ ගහලා මිසක් ඔය මිනිහා මැරෙන්නෑ. ඒ නිසා බය නැතුව ඉන්නවා. මං මොන මගුල කළත් ඔච්චර තමා."
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...